Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd January 2018 11:33:36 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය හරහා දීවෙන ප්‍රධාන මාර්ගය මහජනතාවට විවෘත වේ

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සඳුදා (01) දින තවත් ප්‍රජා සත්කාරක කටයුත්තක් ඉටු කරමින් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය හරහා දිවෙන වට්ටපලායි සිට පුදුකුඩුඉරිප්පු දක්වා වූ පොදු මාර්ගය මහජනතාව වෙනුවෙන් 2018 නව වසර උදාවීමත් සමඟම විවෘත කරන ලදි.

මීට ඉහත දී මහජනතාවට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය මඟහරමින් දිගු මාවතක් ඔස්සේ පූරා අවුරුදු 08 කට වැඩි කාලයක් ගමනාගමන කටයුතු සිදු කළ යුතු වූ අතර, කිලෝමීටර් 2 ක් දිග මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය හරහා දිවෙන මෙම මාර්ගය විවෘත කිරීමත් සමඟ එම ගමනාගමන කටයුතු ඉතා අඩුකාලසීමාවක් තුල දී සිදු කර ගැනීමට ඉඩ ප්‍රස්ථා උදා වී ඇත.

ආරක්ෂක හමුදාවන් ගැටුම් කාලසීමාවේදි ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කරන ලද පෞද්ගලික දේපළ නිදහස් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මීට දින කිහිපයකට පෙර, මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කෙප්පාපිලව්ව හා සීනියාමොට්ටායි ප්‍රදේශවල ඉඩම් සහ දේපළ විශාල ප්‍රමාණයක් එහි නිත්‍යානුකූල අයිතිකරුවන් වෙත මුදා හැර ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රජයේ ප්‍රතිපත්තීන්ට අනුකුලව කටයුතු කරමින් ගැටුම් කාලසීමාවේදි ආරක්ෂක අවශ්‍යතා සඳහා භාවිතා කරන ලද නිවාස 28 ක් ද ඇතුළුව අක්කර 133.34 කින් යුත් ඉඩම් ප්‍රමාණයක් පසුගියදා එම දේපළ වල නිවැරදි අයිතිකරුවන් සොයා බලා ආපසු භාරදීම සිදු කළ අතර, මෙසේ එම දේපළ නැව‍ෙ භාරදෙන අවස්ථාවේදි අදාල දේපළ නිවාස සම්පුර්ණෙයන්ම අලුත්වැඩියා කර ඇතැම් ගොඩනැගිලි යුද්ධ හමුදාව විසින් අලුතින්ම ඉදිකොට භාරදිම සිදු කරන ලදි.

ඉඩම් නිදහස් කිරීමෙන් පැය කිහිපයකට පසු, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරුගේ උපදෙස් මත අදාල ඉඩම් දේපළ හිමිකරුවන්ට, ඔවුන්ට අයත්ව තිබූ දේපළ වෙත නැවතත් පැමිණීම සඳහා ප්‍රවාහන කටයුතු ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙතින් සලසන ලදි.

ආරක්ෂක හමුදාවන් විසින් මෙසේ ගැටුම්කාරී වාතාවරණයෙන් පසු නැවතත් ඔවුන්ගේ දේපළ භාරදීමෙන් අනතුරුව එම වැසියන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් ද සමඟින් කොට්ටඩි පූල්ලියාර් කෝවිල වෙත පැමිණ එම කොවිල් භූමිය පිරිසිදු කර විශේෂ පූජාවක්ද පවත්වමින් සතුටු වූහ. පුල්ලේයාර් කොවිලේ කුරුක්කල් විග්නේෂ්වරම් පූජකතුමන් බැතිමතුන්ගේ ඉල්ලීමට අවනත වෙමින් බදාදා (28) දින විශේෂ පූජාවෙක් සිදුකර ආරක්ෂක හමුදාවන්ට ද සෙත් පැතූහ.

මෙම මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත කිරීම හේතුවෙන් ආරක්ෂක හමුදාවන් විසින් මෑත දී නිවැරදි අයිතිකරුවන් සොයා ජනතා අයිතියට පත් කරන ලද නිවාස සහ දේපළ වෙත වඩාත් පහසුවෙන් ගමනාගමන කටයුතු සිදු කිරීමේ හැකියාව ලැබී ඇත.

best Running shoes brand | Nike Shoes, Clothing & Accessories