Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මුලතිව් අන්තර් සේනාංක රගර් ශුරතාවය 64 වන සේනාංකයට

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ අන්තර් සේනාංක රගර් තරඟාවලියේ අවසන් තරඟය බදාදා (01) දින මුලතිව්, 64 වන සේනාංක මුලස්ථාන ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.

මෙම තරඟාවලියේ ප්‍රධාන සංවිධායක 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් පි.අයි. පතිරණගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහභාගි විය.

අවසන් තරඟය ආරම්භ කිරීමට ප්‍රථම ඒ සඳහා තරඟවදින කණ්ඩායම්, ශ්‍රී ලංකා ජාතික රගර් විනිසුරුවන්ගේ සංගමයේ නියෝජිතයින් සහ ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත හඳුන්වාදීම සිදු කෙරිනි.

ඒ අනුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන අන්තර් සේනාංක රගර් තරඟාවලියේ ශුරතාවය 64 වන සේනාංක කණ්ඩායම හිමි කර ගත් අනුශුරතාවය 59 වන සේනාංක කණ්ඩායම වෙත හිමිවිය.

මෙම තරඟාවලියේ මුලික තරඟ පෙබරවාරි මස 11 සිට 26 දක්වා 64 වන සේනාංක මුලස්ථානයේ දී පැවැත් වූ අතර, ඒ සඳහා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ කණ්ඩායම් 04 ක් තරඟ වැදුනි.

මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ජයග්‍රහකයින් වෙත සුභ පැතුම් එක් කළ අතර, අත්පොළසන් මධ්‍යයේ 64 වන සේනාංක ක්‍රීඩකයින් වෙත ශුරතා කුසලානය පිරිනැමුහ.

තවද, මෙහිදි හොඳම ප්‍රවර්තකයා ලෙස 26 වන ගජබා රෙජිමේන්තුවේ මේජර් ටි.එම්.එම්.එම්.එම්.ඩබ්.තෙන්නකොන් සහ හොඳම ක්‍රීඩකයා ලෙස 26 වන ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල ආර්.එම්.එස්. බංඩාර ද කුසලාන හිමි කර ගන්නා ලදි.

සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

buy footwear | Sneakers