Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2017 12:52:52 Hours

මිසයිල අවි පාඨමාලාව සාර්ථකව නිමකළ යුද්ධ හමුදා සාමාජිකයින් 53 දෙනෙකු විසිරයති

පුරා මාස තුනක කාලයක් පැවිති මිසයිල අවි පාඨමාලා අංක - 47 හැදැරූ නිලධාරින් 10 දෙනෙකු සහ සෙසු නිලයින් 43 දෙනෙකු වෙත නිල ලාංජන පැළඳවිමේ උත්සවය ඉරිදා (28) දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ටි.ජේ. කොඩිතුවක්කු විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගත් අතර, සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද එතුමා වෙත පිරිනමනු ලැබීය.

අනතුරුව මේජර් ජෙනරාල් නන්දන සේනාධීර පාබල පුහුණු මධ්‍යස්ථානයේ සංචාරය කරමින් නාවික හමුදා අධ්‍යාපන චාරිකාව සඳහා සකස් කරන ලද අවි ප්‍රදර්ශනය ද නරඹන ලදි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නිලධාරීන්, සෙසු නිලයින්, නාවික හමුදා සාමාජිකයින් සහ පාඨමාලාවට සහභාගී වූ නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ ඥාති හිතමිත්‍රාදීන් ද එක්ව සිටියහ.

Running Sneakers Store | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov