Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th March 2017 11:38:15 Hours

මියගිය රණවිරුවකුගේ බිරිඳගේ උකස් තැබු නිවස බේරාගැනිමට යුද හමුදාපතිගේ සහාය

මියගිය රණවිරුවකුගේ බිරිඳක් පදිංචිව සිටින ඉඩම සහ නිවස මිළදි ගැනිම සඳහා බැංකු ණයක් ලබාගෙන ඇති අතර, එය ගෙවා ගැනිමට නොහැකිව පත්ව ඇති බරපතල මුල්‍ය අසීරුතාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත යුද හමුදා රණවිරු සේවා අධ්‍යක්ෂ විසින් කඩිනමින් ඒ පිළිබඳ සොයා බලා ඒ වෙනුවෙන් සහනයක් සැලසීමට කටයුතු කරන ලදි.

7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සැරයන්වරයෙකු වන එම රණවිරුවා, ත්‍රස්තවාදි ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති අතර, ඔහුගේ බිරිඳ විසින් දැනට පදිංචිව සිටින ඉඩම සහ නිවස මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 2 ක බැංකු ණයක් ලබාගෙන ඇත. තවද, එම ණය මුදල වෙනුවෙන් මසකට එක් වාරිකයක් රුපියල් 42,000/= බැගින් ගෙවන ලදි.

ඇයගේ අසනීප තත්වය සහ ආර්ථික දුෂ්කරතාවයන් හේතුවෙන් ණය වාරික 30 කට අධික ප්‍රමාණයක් ගෙවිමට නොහැකිව එම ඉඩම සහ නිවස අදාල බැංකුව වෙත අත්පත් කර ගැනීමට ක්‍රියාකර ඇති අතර, ඒ පිළිබඳව යුද හමුදාපතිගේ අවධානය යොමුවිය.

ඒ අනුව, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් මේ පිළිබඳව සොයා බැලිමට රණවිරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එන්.ඒ.පි.සි. නාපාගොඩ වෙත උපදෙස් ලබාදුන් අතර, ඊට ප්‍රතිචාර දක්වමින් මියගිය රණවිරුවාගේ බිරිඳ රණවිරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත කැඳවා බ්‍රිගේඩියර් එන්.ඒ.පි.සි. නාපාගොඩ විසින් ඇය වෙත රුපියල් ලක්ෂ 5 ක චෙක් පතක් පරිත්‍යාග කරනු ලැබීය.

මෙහිදි, ඇය විසින් යුද හමුදාපතිතුමාට සිය කෘතඥතාව පළ කරමින් චෙක් පත භාරගත් අතර, මෙමඟින් හිඟ මුදල පියවන බවටත්, අනතුරුව ණය මුදල් ආපසු ගෙවිමට කටයුතු කරන බවටත් පොරොන්දු විය.

Sneakers Store | Nike News