Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th October 2017 21:44:25 Hours

මිත්‍ර ශක්ති ඒකාබද්ධ හමුදා අභ්‍යාසයට ශ්‍රී ලංකා භට පිරිස් ඉන්දියාවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් 10 ක් සහ සෙසුනිලයින් 110 ක් ඉන්දියාවේ දි පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’ එකාබද්ධ යුධ අභ්‍යාස පුහුණුවට සහභාගිවීම සඳහා අද (11) දින උදෑසන ඉන්දියාව බලා පිටත් විය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්වන ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුධ පුහුණු අභ්‍යාසය දෙරට හමුදාවන් අතර, තොරතුරු හුවමාරු කරගැනීම, අන්නෝන්‍ය සහයෝගය, ඒකාබද්ධ උපක්‍රමික ක්‍රියාන්විත සිදු කිරීම, අත්දැකිම් හුවමාරු කර ගැනීම සහ ජාතින් අතර හමුදා ගැටළු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ආදි අරමුණු ඇතිව වර්ෂ 2012 සිට පවත්වනු ලබයි. මෙවර පස්වන වරටත් පවත්වන මෙම පුහුණු යුධ අභ්‍යාසය දෙවරක් ඉන්දියාවේ ද දෙවරක් ශ්‍රී ලංකාවේ ද පවත්වා ඇත.

‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසයට සහභාගිවනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායමේ අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් අජිත් පල්ලාවල කටයුතු කරන අතර, බ්‍රිගේඩියර් විජිත සුභසිංහ, කර්නල් එන්.සි. සෝමවීර සහ ලුතිනන් කර්නල් කේ.එම්.සි.එස්. කුමාරසිංහ යුධ අභ්‍යාස නිරික්ෂකයන් ලෙස සහභාගිවන මෙම අභ්‍යාසය ඔක්තෝබර් මස 12 සිට 27 දක්වා ඉන්දියාවේ පූනේ පිහිටි අවුන්දර් යුද්ධ හමුදා කඳවුරේ දී (Aundh Military Camp) පැවැත්වේ.

පස්වෙනි වතාවට සිදු කෙරෙන මෙවර යුධ අභ්‍යාසයේ දී ප්‍රතිත්‍රස්ත සහ ප්‍රතිවිප්ලවීය මෙහෙයුම් පිලිබඳ අත්දැකිම් දෙරට හමුදා පිරිස් අතර හුවමාරු කරගැනීමට නියමිත අතර, අවසන් උපක්‍රමික යුධ අභ්‍යාසය දෙරටේ ජ්‍යෙෂ්ඨ හමුදා නිරිකෂකයින්ගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් 25 දින දී අවුන් හමුදා කඳවුරේ දී (Aundh Military) පැවැත්වීමට නියමිතය.

‘මිත්‍ර ශක්ති’ 2017 යුද්ධ අභ්‍යාසයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිසේ යුධ අභ්‍යාස නියෝජ්‍ය අධ්‍යක්ෂ වශයෙන් කර්නල් එම්.ඩබ්ලිව්.ඒ.ඒ. විජේසුරිය ක්‍රියා කරනු ලබන අතර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ විසින් යුධ අභ්‍යාසය අධික්ෂණය කරනු ලබයි.

‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුධ අභ්‍යාසය වර්ෂ 2012 දී කුඩාඔය පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී සහ 2016 වසරේදී අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විය. මෙම යුධ අභ්‍යාසයට ඉන්දිය යුද්ධ හමුදාවේ නිලධාරින් 6 දෙනෙකු ඇතුළු ඉන්දිය යුද්ධ හමුදා භටයින් 45 දෙනෙකු ඉන්දියානු යුද්ධ හමුදාවේ රාජ්පුත්‍ර රයිෆල් රෙජිමේන්තුව නියෝජනය කරමින් සහභාගි විය. මේ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් පාබල හමුදා භට පිරිස් සහභාගි විය.

1. මිත්‍ර ශක්ති ක්‍රියාන්විත යුධ අභ්‍යාසය ඉන්දියාවේදී ආරම්භ වේ

2. ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුධ අභ්‍යාසය සාර්ථකව ඉදිරියට

3.‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසය සඳහා සහභාගි වු ශ්‍රී ලංකා භට පිරිස් වෙත දීපවාලි ආරාධනා

4.‘මිත්‍ර ශක්ති’යුධ අභ්‍යාසයේ නිරත ඉන්දීය හමුදා භට පිරිස්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුධ අත්දැකීම් අධ්‍යනයට

latest jordans | Nike Shoes