Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th April 2018 11:01:50 Hours

මැලේසියාවේ පැවැති ආසියානු ආරක්‍ෂක සේවා සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධානීට ආරාධනා

මැලේසියාවේ, කුවාලා ලාම්පුර් හී පැවැති 16 වන ආසියානු ආරක්‍ෂක සේවා සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය සඳහා සහභාගි වූ ගෞරවනීය ආරාධිතයින් අතරින් එක් අයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ද සහභාගි විය.

ආසියානු ආරක්‍ෂක සේවා - 2018 සහ ආසියානු ජාතික ආරක්‍ෂක (NATSEC) සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය ඉරිදා (15) දින කුවාලා ලාම්පුර් හි ෂැන්ග්‍රිලා හෝටලයේ දී නිල වශයෙන් ආරම්භ කල අතර මැලේසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තුමන් සහ ආරක්‍ෂක අමාත්‍ය තුමන් විසින් රටවල් 60 ක් නියෝජනය කරමින් සහභාගි වූ හමුදා ප්‍රධානීන් පිළිගනු ලැබීය.

16 වන ආසියානු ආරක්‍ෂක සේවා සහ ආසියානු ජාතික ආරක්‍ෂක (NATSEC) සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය මෙන්ම නවතමයෙන් ඉදිකරන ලද මැලේසියානු අන්තර්ජාතික වෙළඳ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය (MITEC) නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානීන් ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූහ.

ලෝකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ඇති කරමින් 1988 දී ආසියානු ආරක්‍ෂක සේවා සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය ආරම්භ කල අතර අති නවීන තාක්ෂණික උපකරණ, යුධ කටයුතු සඳහා අවශ්‍ය දෘඩාංග හා ඉලෙක්ට්‍රෝනික උපකරණ, ගුවන් හා මුහුදු ආරක්‍ෂක උපකරණ, සංග්‍රාමික වෛද්‍ය ප්‍රතිකාර, නිජභූමිය ආරක්‍ෂාව, මානුෂීය ආධාර සහ ආපදා සහන කටයුතු, නියමුවන් රහිත ගුවන් යානා සහ සංග්‍රාමික රොබෝ තාක්ෂණය පිළිබඳ මෙහිදි අධ්‍යයනය කරනු ලබයි.

මෙම සම්මන්ත්‍රණය අතරතුර දී යුද්ධ හමුදාධිපති ලුත්නන් ජෙනරාල් මහේෂ් සේනානායක හට විදේශීය ප්‍රභූ නිලධාරින් කිහිපදෙනෙකු හමුවීමට ද වරප්‍රසාදය හිමිවිය. එහිදි මැලේසියානු අන්තර්ජාතික වෙළඳ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ (MITEC) එක්සත් ජනපද හමුදා පැසිෆික් රජයේ කාර්යාලයේ ජෙනරාල් අණදෙන, ජෙනරාල් රොබට් බී. බ්‍රවුන්ස් හමුවීමට ද අවස්ථාව හිමිවිය.

අඟහරුවාදා (17) දින ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු යුද්ධ හමුදා ප්‍රධානීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ මැලේසියානු හමුදා මාණ්ඩලික ප්‍රධානී සමඟ සාකච්ඡා කළ අතර එහිදි ‘අන්තගාමීත්වය හා ත්‍රස්තවාදි තර්ජනයට එරෙහිව ආරක්‍ෂාව තහවුරු කිරීමේ යුද්ධ හමුදා කාර්යභාර්ය’ ('Role of the Army in Sustaining Security against the Threat of Radicalism & Terrorism') පිළිබඳ සාකච්ඡාවට බඳුන්විය.

එමෙන්ම අනෙකුත් සැසියන් හිදී ‘පරමාධිපත්‍ය හා අපගේ ආරක්‍ෂක මෙහෙවර’('Sovereignty & Security Our Mission'), ‘සයිබර් ආරක්‍ෂණය’('Cyber Security'), ‘රසායනික, ජිව විද්‍යාත්මක, විකිරණ හා පුපුරණ ද්‍රව්‍ය, හමුදා වෛද්‍ය විද්‍යාව’(, 'Chemical, Biological, Radiological and Explosive, Military Medicine') යන තේමාවන් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

ආසියානු ආරක්‍ෂක සේවා - 2018 සහ ආසියානු ජාතික ආරක්‍ෂක (NATSEC) සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය සඳහා කලාප 40 ක සන්නද්ධ හමුදා ප්‍රධානීන් 300 කට අධික පිරිසක් සහභාගි විය.

මෙම සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය සඳහා මැලේසියානු අගමැතිවරයා ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගිවීමට නියමිතය.

Sportswear Design | Air Jordan