Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th April 2018 18:04:51 Hours

මැලේසියාවේ දී යුද්ධ හමුදාධිපතිතුමන් එරට යුද්ධ හමුදා ප්‍රධානි හමුවේ

මැලේසියාවේ පැවැත්වෙන 16 වන ආසියානු ආරක්‍ෂක සේවා ප්‍රදර්ශණය සහ සමුළුව - 2018 සඳහා සහභාගි වී සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක,ක්වාලා ලාම්පුර් නුවර පිහිටි මැලේසියානු ජාත්‍යන්තර වෙළඳ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ (Malaysia's International Trade and Exhibition Centre)පැවති සමුළුවේ අවසන් සැසියේ දී මැලේසියානු යුද්ධ හමුදා ප්‍රධානිජෙනරාල් ඩාටෝ ශ්‍රී සුල්කිපල් බින්හජ්කසීම් (General Dato’ Sri Zulkiple bin HjKassim) හමුවිය.

යුද්ධ හමුදාවේ වාර්ෂිකව පැවැත්වෙනප්‍රධාන අංගයක් වන ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2018’ සඳහා සහභාගි වන ලෙස ද එහිදි යුද්ධ හමුදාධිපතිතුමා මැලේසියානු හමුදා ප්‍රධානි වෙත ආරාධනා කරනු ලැබීය. තවද මැලේසියානු යුද්ධ හමුදා ප්‍රධානි විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ත්‍රස්තවාදය තුරන්කිරීමට දැක් වූ කාර්යභාරය මහත්සේ පැසසුමට ලක් කළ අතර,එමඟින් මැලේසියානු යුද්ධ හමුදාවට ද එම අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව පැවසූහ.

තවද මෙහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධානි මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික පුහුණු වැඩසටහන් පැවැත්වීමේ වැදගත්කම ද පෙන්වා දුන්හ.තවද එහිදි ලුතිනන් ජෙනරාල් සේනානායක විසින් ජාත්‍යන්තර අවධානය දිනාගෙන තිබෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘දියකාවා’ වැනි යුද අභ්‍යාසය සඳහා ඉදිරියේ දී භට පිරිස් සහභාගි කරවන ලෙස ද මැලේසියානු හමුදා ප්‍රධානි වෙත ඉල්ලීමක් කළහ. එමෙන්ම දෙරටේ යුද්ධ හමුදාවන්ට අනාගතයේ දී වැදගත්වන අනෙකුත් පුහුණු වැඩසටහන් පිළිබඳව ද එම සුහඳ හමුවේ දී සාකච්ඡාවට බඳුන්විය.

මෙම හමුව අවසානයේ දෙපිරිස අතර හොඳ හිත සහ සුහඳත්වය වර්ධනය කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

Best Authentic Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth