Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මැලේසියානු කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කළ යුද්ධ හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තරඟාවලියේ ජය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ක්‍රිකට් ‘බී’ කණ්ඩායම සහ සංචාරක මැලේසියානු කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර, තරඟ 6 කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් ජුනි මස 14 සිට 22 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.

බ්‍රහස්පතින්දා (15) දින පැවති දෙවන තරඟයේ දී පළමුව පන්දුවට පහරදුන් යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 8 ක් දැවි ලකුණු 90 ක් රැස් කරගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියානු කාන්තා කණ්ඩායමට පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 7 ක් දැවි රැස් කරගත හැකි වුයේ ලකුණු 46 ක් පමණි.

එමෙන්ම, තෙවන තරඟය සෙනසුරාදා (17) දින පැවති අතර, එහිදි පළමුව පන්දුවට පහරදුන් යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 3 ක් දැවි ලකුණු 116 ක් රැස් කරගැනිමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සංචාරක මැලේසියානු කාන්තා කණ්ඩායමට සියලුදෙනා දැවි රැස් කරගත හැකි වුයේ ලකුණු 61 කි.

සඳුදා (19) දින පැවති 4 වන තරඟයෙදි ද මැලේසියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහණය හිමි කරගත් අතර, එහිදි යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 8 ක් දැවි ලකුණු 116 ක් ලබා ගත්හ.

තරඟාවලියේ 5 වන තරඟය අඟහරුවාදා (20) දින පැවති අතර, යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8 ක් දැවි ලකුණු 118 ක් රුස් කරගැනිමට සමත් විය. එහිදි පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියානු කණ්ඩායමට පන්දුවාර විස්ස අවසානයේ ලබා ගත හැකි වුයේ කඩුලු 5 ක් දැවි ලකුණු 66 ක් පමණි.

මෙම තරඟාවලියේ අවසාන තරඟයේ දී පළමුව පන්දුවට පහරදුන් මැලේසියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවි ලකුණු 69 ක් රැස් කර ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් පන්දු වාර 11 ක දී කඩුලු 7 ක් අතැතිව ජයග්‍රාහණය හිමි කර ගැනිමට සමත් විය.

අඟහරුවාදා (14) දින පැවති පළමු තරඟය අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජයපරාජයකින් තොරව අවසන් වු අතර, තරඟාවලිය තරඟ 6/5 ක් වශයෙන් යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ජයග්‍රාහණය හිමිකර ගත්හ.

latest jordan Sneakers | シューズ