Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th December 2016 14:36:16 Hours

මාර්ග නීති, මාර්ග විනය සහ ආරක්ෂාකාරි ලෙස රිය පැදවීම පිළිබඳ වැඩමුළුවක් මුලතිව් හි දී

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පදෙස, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා මාර්ග නීති, මාර්ග විනය සහ ආරක්ෂාකාරි ලෙස රිය පැදවීම පිළිබඳ වැඩමුළුවක් බදාදා (14) දින එම ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන දේශන ශාලාවේ දී පවත්වන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ අධික්ෂණය යටතේ මෙම වැඩමුළුව පැවැත්විය.

කොළඹ රථවාහන පොලිස් මුලස්ථානයේ උප පොලිස් පරික්ෂක ඒ.එම්.ටි.බි. සේනාධීර විසින් මෙම වැඩමුළුව මෙහෙය වූ අතර, එහි ආරම්භක දේශනය මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එච්.ජි.පි.එම්. කාරියවසම් විසින් සිදු කරනු ලැබීය.

මේ සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 300 ක් සහභාගි වූහ.

Nike air jordan Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp