Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th November 2019 08:42:19 Hours

මානෙල්වත්තේ යුද හමුදාව විසින් ඉදිකරනු ලැබු සියළු පහසුකම් සහිත මහල් හතරකින් සමන්විත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරයි

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරනු ලැබු නවීන පහසුකම් සහිත සිව් මහල් මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය විවෘත කිරිමේ උත්සවය සඳහා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයනය ආයතනයේ උපකුලපති මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී පූජ්‍ය බොඩගම චන්දිම නායක හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉකුත් සෙනසුරාදා (23) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූහ.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් බෞද්ධ සිද්ධස්ථානය වෙත ගොස් බුදුන් වහන්සේ උදෙසා මල් පහන් පුජා කරමින් ආශිර්වාද ලබා ගත් අතර එහිදි නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ඉගෙනුම ලබන විදේශීය දසසිල් මාතාවන්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ උපාධි අපේක්ෂකයින් විසින් යුද්ධ හමුදාපතිතුමන් හට සුභපැතුම් එක්කරමින් සුහඳ පිලිසඳරක නිරත වුහ. එම ගොඩනැගිල්ල විවෘත කිරිමට ප්‍රථමයෙන් එම අවස්ථාව සංකේතවත් කරමින් උපකුලපතිවරයා විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත බුදුපිළිමයක් සහ ධර්ම ග්‍රන්ථ කිහිපයක් පිළිගන්වනු ලැබීය.

7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් ඉදිකරන ලද මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය එම ආයතනයෙහි උපකුලපති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් මහාසංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමරුඵළකය නිරාවරණය කරමින් විවෘත කරනු ලැබීය. පසුව ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු පිරිස එක්ව සාම්ප්‍රදායිකව කිරි උතුරවමින් සෞභාග්‍ය හා සතුට සංකේතවත් කළේය.

උපකුලපතිවරයා සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමස්ත ගොඩනැගිලි සංකීර්ණය මනාව නිරික්‍ෂණය කිරිමෙන් අනතුරුව එම ගොඩනැගිලි සංකීර්ණය දර්ශනීය වාස්තු විද්‍යාත්මක සැලසුමකට අනුව ඉදිකිරිම් කටයුතු සිදුකරනු ලැබු අණදෙන නිලධාරි හා භටපිරිස් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටද එතුමන් අමතක නොකළහ. අනතුරුව එහි විෂය නිර්දේශය, පහසුකම්, කළමනාකරණය සහ ඇතුළත් කිරීම යන කරුණු පිළිබඳ ‘මල්ටි මීඩීයා’ තාක්‍ෂණය (multi-media) භාවිතයෙන් දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් ආරාධිතයින් දැනුවත් කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 7 වන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ශහීකලා පෙරේරා ගේ අධික්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් ලබාදී ඇති කාළසීමාවට පෙර, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ඉදිරි අධ්‍යයන වර්ෂය ආරම්භ කිරීමට මත්තෙන් එම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු සම්පූර්ණකර බාර දුන්හ.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය විසින් ලබා දී ඇති අමුද්‍රව්‍ය හා සම්පත් උපයෝගී කරගනිමින් ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් 113 කු දිවා රෑ නොබලා ඉදිකිරිම් කටයුතු වල නිරත වූ අතර, මීට වසර කිහිපයකට පෙර, එම ව්‍යාපෘතියේ ආරම්භයේ සිටම, සමස්ත ඉදිකිරීම් අවසන් කිරිම දක්වා ශ්‍රී ලංකා යුද හමුදාව සිය පූර්ණ දායකත්වය ලබාදී තිබේ.

කැළණියේ පිහිටි නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතනය තුළින් පොහොසත් බෞද්ධ සදාචාරාත්මක පසුබිමක් තුළ පෞද්ගලික ජයග්‍රහණ සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව, අඛණ්ඩව ජීවිත කාලය පුරාම ඉගෙනීම, විවේචනාත්මක චින්තනය, සංස්කෘතික හා සමාජීය යහපැවැත්ම ගෝලීය මානව සෞඛ්‍යය සඳහා සිසුන් පෙළඹවීම සහ සූදානම් කිරීම, යන මාතෘකා ඔස්සේ පුහුණුව ලබාදෙන අතර මෙම ආයතනය 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා රජය විසින් පිළිගත් උපාධි ප්‍රදානය කරනු ලබන ආයතනයකි.

නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටා ඇති පුරාණ නාලන්දා විශ්වවිද්‍යාලයට සමාන ලෙස නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය ආදර්ශනය කර ඇති අතර එම විශ්වවිද්‍යාලය ලෝකයේ පළමු ජාත්‍යන්තර නේවාසික විශ්වවිද්‍යාලය බවට ද විශ්වාස කෙරේ මෙම නාලන්දා සුප්‍රසිද්ධ මහාවිහාරය බෞද්ධ ආරාමයක් ද වන අතර 5 වන සියවසේ සිට සිසුන් 1200 ක් පමණ ඉගෙනුම ලබන ස්ථානයක් ද විය. තවද නාලන්ද විශ්වවිද්‍යාලයේ ගුරුවරුන් දෙදහසකට අධික සංඛ්‍යාවක් සහ සිසුන් 10,000 කට අධික සංඛ්‍යාවකට නේවාසිකව අධ්‍යාපනය හැදැරීමට හැකි අතර යුරෝපය, චීනය, කොරියාව, තායිලන්තය වැනි දුර බැහැර ප්‍රදේශවල උගතුන්ගේද නොමද ආකර්ෂණයට ලක්ව ඇත. Best Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov