Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th April 2018 22:50:50 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවැති ප්‍රතිශක්ති යුධ උපක්‍රම හා කැලෑබද සටන් පුහුණු පාඨමාලාවේ නිල ලාංඡන පළඳවයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදාවේ කීර්තිමත්ම පුහුණු පාසලක් වන මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ ඉරිදා (08) දින සිදු කල පළමු නිල සංචාරයේ දී අභිනවයෙන් ඉදිකරන ලද භට නිවාස සහ නව පහසුකම් රැසක් විවෘත කරනු ලැබීය.

යුද්ධ හමුදා නිලධාරින්ට සහ සෙසුනිලයින්ට නවීන පහසුකම් වලින් සමන්විතවන පරිදි මෙම පුහුණු පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය සහ නිලධාරි නිවස්නය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විවෘත කරනු ලැබීය.

යුද්ධ හමුදාවේ පුහුණු කටයුතු උපරිම පහසුකම් වලින් සමන්විතව යුද්ධ හමුදා සම්ප්‍රදානුකූලව සිදුකරගෙන යාම සඳහා අනුකූලවන පරිදි නවතමයෙන් ඉදිකරන ලද සුභසාධන ව්‍යාපෘතින් විවෘත කිරීම සඳහා යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජයන්ත සෙනෙවිරත්න ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජයන්ත සෙනෙවිරත්න විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන්පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් වර්ණවත් පෙරහැරකින් ඉදිකරන ලද ගොඩනැගිල්ල වෙත කැටුව යනු ලැබු අතර එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව පීත්ත පටිය කපා අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය.

නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ලට ආශිර්වාද එක් කරමින් සම්ප්‍රදායානුකුලව කිරි ඉතිරවීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් නව ගොඩනැගිල්ල නිරීක්ෂණය කළහ.

අනතුරුව, යුද්ධ හමුදා පුහුණු පාසල් පරිශ්‍රයේ ප්‍රතිසංස්කරණය කරන ලද නිලධාරි නිවාස සංකීර්ණය විවෘත කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ට ආරාධනා කරනු ලැබීය.

තවද මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රතිශක්ති යුධ උපක්‍රම හා කැලෑබඳ සටන් පුහුණු පාඨමාලා අංක - 21 සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා නිලධාරින් 12 දෙනෙකු සහ විදේශීය නිලධාරින් 06 දෙනෙකු වෙත නිල ලාංඡන සහ සහතිකපත් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙහිදි පිරිනමනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන්, මෙම පුහුණු පාසලේ සේවයේ නියුතු නිලධාරින් සහ ප්‍රතිශක්ති යුධ උපක්‍රම හා කැලෑබඳ සටන් පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු ශීෂ්‍ය නිලධාරින් සමඟ සුහද පිළිසඳරක නිරත වූ අතර එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා පුහුණු පාසලේ සිදුකරනු ලබන පුහුණු වැඩසටහන් පිළිබඳව ද විමසනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් පුහුණු පාසල් පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර පුහුණු පාසලේ සේනාවිධායකතුමන් වෙත සිය ස්තුතිය පුද කළ අතර යුද්ධ හමුදා පුහුණු පාසලේ සියළුම නිලධාරින් සමඟ සමුහ ඡායාරූයක් සඳහා ද පෙනී සිටියහ.

පුහුණු පාසලේ සේනාවිධායකතුමන් මෙම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

අනතුරුව එදින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපතිතුමන් පුහුණු පාසල් පරිශ්‍රයෙන් නික්මයාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද සමරු සටහනක් තැබීය.

url clone | GOLF NIKE SHOES