Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2018 10:14:09 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී ‘ප්‍රතිත්‍රස්ථ යුදක්‍රමවල සාර්ථකත්වය හා අසාර්ථකත්වය’ යන මැයෙන් සම්මන්ත්‍රණයක්

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල මගින් වාර්ෂිකව තෙවන වරටත් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණය මෙවර ‘ප්‍රතිත්‍රස්ථ යුදක්‍රමවල සාර්ථකත්වය හා අසාර්ථකත්වය’ යන මැයෙන් අගොස්තු මස 23 සිට 25 දක්වා පවත්වනු ලැබීය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් සම්මන්ත්‍රණයේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රධාන දේශණය පැවැත්විය.

මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන පුහුණු පාසලක් වන අතර විදේශීය හමුදා නිලධාරින් ද ඇතුළුව නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් මුලික සහ උසස් අධ්‍යාපනික සම්මන්ත්‍රණ අවස්ථා සඳහා එහි පහසුකම් සලසනු ලබයි. විශේෂයෙන් එහිදි ප්‍රතිත්‍රස්ත සහ ගැටුම් අරගල මැඩපැවැත්විම පිළිබඳව අවධානය යොමු කෙරේ.

යුද්ධ හමුදාධිපති ගේ මඟපෙන්විම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් යුතුව යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජයන්ත සෙනෙවිරත්න සමඟින් එම පාසලේ මාණ්ඩලික නිලධාරීන් විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරන ලදි.

මෙවර සම්මන්ත්‍රණය සඳහා යුද්ධ හමුදා නිලධාරින් 33 ක්, නාවික හමුදා නිලධාරින් 2 ක්, ගුවන් හමුදා නිලධාරියෙක් සහ ශ්‍රී ලංකා පොලිස් නිලධාරින් 2 ක් ඇතුලුව නිලධාරින් 38 ක් සහභාගි වූ අතර, මෙහි සම්පත්දායකයින් ලෙස යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20 දෙනෙකු කටයුතු කරනු ලැබීය.

මේ සඳහා සහභාගි වූ සියලුදෙනා සම්මන්ත්‍රණය අවසානයේ කණ්ඩායම් දේශන ඉදිරිපත් කිරිම් සිදු කළ යුතු වූ අතර, අනතුරුව එම ඉදිරිපත්කිරීම් පිළිබඳව අධික්ෂණ නිලධාරීන් විසින් අදහස් දැක්විම ද සිදුකෙරිණි. මෙහි සමාප්ති උත්සවයේ දී සහභාගිවුවන් වෙත සහතිකපත් ද ප්‍රදානය කරන ලදි. buy footwear | Men's Sneakers