Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2018 13:31:40 Hours

මාදුරුඔය ප්‍රතිශක්ති යුධ උපක්‍රම හා කැලෑබඳ සටන් පුහුණු පාඨමාලව හදාරන ශීෂ්‍ය නිලධාරින් යාපනයේ සංචාරයක

මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රතිශක්ති යුධ උපක්‍රම හා කැලෑබඳ සටන් පුහුණු පාඨමාලාව හදාරණ බංගලාදේශය, පකිස්තානය, මාලදිවයින සහ නේපාල යන රටවල් නියෝජනය කරන විදේස් නිලධාරින් හයදෙනෙකු සහ අනෙකුත් නිලධාරින් 12 දෙනෙකු සඳුදා (26) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරය නිරත විය.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට සපැමිණි ප්‍රතිශක්ති යුධ උපක්‍රම හා කැලෑබඳ සටන් පුහුණු පාඨමාලාව හදාරණ ශීෂ්‍ය නිලධාරින් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ( මෙහෙයුම් සහ පුහුණු) ලුතිනන් කර්නල් නිශාන්ත මුතුමාල් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, ‘ආරක්ෂක සේනා මට්ටමින් ප්‍රශ්චාත් යුධ සමයේ මෙහෙයුම් සිදු කරනු ලබන ආකාරය’ පිළිබඳ ඉදිරිපත් කිරීමක් මගින් ඔවුන්ව දැනුවත් කළහ.

මෙම සංචාරය අවසානයේ, ශීෂ්‍ය නිලධාරින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත සිහිවටනයක් ප්‍රදානය කල අතර ඉන් අනතුරුව, මුහමාලේ ප්‍රදේශයේ සංචාරයක නිරතවෙමින් බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ද නිරීක්ෂණය කළහ.

Authentic Sneakers | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival