Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th October 2018 16:47:06 Hours

මහාමායා බාලිකා විද්‍යාලයේ ‘වර්ණ රාත්‍රියේ’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි වේ

දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ බාලිකා පාසල් අතරින් එකක් වන නුවර, මහාමායා බාලිකා විද්‍යාලයේ මෙම වසරේ ‘වර්ණ රාත්‍රිය’ සිකුරාදා (26) දින පැවැති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා එම විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ගුරුවරුන් සහ විද්‍යාලීය ක්‍රීඩා කමිටුවේ සාමාජිකයින් ඇතුළු කාන්තා ශිෂ්‍යභට කණ්ඩය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර ඉන් පසුව ප්‍රධාන ශ්‍රවණාගාරය වෙත කැටුව යනු ලැබීය.

විද්‍යාලීය බලධාරීන්ගේ ආරාධනයෙන් එහි සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් සියලුදෙනාගේ අත්පොළසන් හඬ මධ්‍යයේ 2017 වර්ෂයේ ලද ක්‍රීඩා ජයග්‍රහණයන් අගයමින් ක්‍රීඩිකාවන් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනමනු ලැබීය.

එහිදි සියලුදෙනා අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන් පුද්ගලයෙකුගේ ජිවිතය සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩාවේ ඇති වැදගත්කම අවධාරණය කළහ.

මහනුවර, මහමායා බාලිකා විද්‍යාලය මධ්‍යම පළාතේ ප්‍රථම බෞද්ධ බාලිකා විද්‍යාලය ලෙස 1932 වර්ෂයේ දී ස්ථාපනය කරන ලදී. මෙම විද්‍යාලය සදාචාර කුලංගන සමිතියේ සාරා සොයිසා මැතිණිය සහ චිත්‍රාවෝ රත්වත්තේ මැතිණිය ගේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබීය. bridgemedia | Air Jordan Release Dates 2021 Updated , Gov