Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මහනුවර ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් පරාජයට පත් කරමින් යුද්ධ හමුදා රගර් ක්‍රීඩකයින්ට ඉතිහාසගත ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා රගර් ක්‍රීඩකයින් හා මහනුවර ක්‍රීඩා සමාජ රගර් ක්‍රීඩකයින් අතර සෙනසුරාදා (12) දින නිට්ටවෙල ක්‍රීඩාංගණයේ පැවැති තියුණු තරඟයකින් මහනුවර ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් පරාජයට පත්විය.

මෙම තරඟය අවසන් වනවිට ලකුණු පුවරුව යුද්ධ හමුදා කණ්ඩායම (23) ක් සහ මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම (22) ක් ලෙස සටහන් විය.

ඩයලොග් අන්තර් සමාජ රගර් තරගාවලිය - 2018/19 යටතේ මෙම තරඟය පැවැත්විණි.

වාර්තාවන්ට අනුව, මහනුවර ක්‍රීඩා සමාජ රගර් ක්‍රීඩකයින් වසර තුනකට පෙර 2016 වර්ෂයේ දී අවසන්වරට තරඟයක් පරාජය වී ඇත.

මෙම තරඟයේ දී යුද්ධ හමුදා ක්‍රීඩකයින් හොඳ සැලැස්මකින් යුතුව ක්‍රීඩා කළහ.

ප්‍රභාත් කුමාර, නාලක මධුරංග, ගයාන් සාලින්ද සහ ඉසුරු මැදගෙදර යන ක්‍රීඩකයින් කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින්ගේ සහයෝගය ඇතිව ලකුණු රැස් කරගැනීමට සමත්විය.Sports Shoes | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp