Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2017 20:47:53 Hours

මහජන මුදල් කලමනාකරණය හා ප්‍රථමාධාර පිළිබඳව භට පිරිස් දැනුවත් කෙරේ

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සහ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් හා සෙසු නිලයන් සඳහා පුහුණු වැඩසටහන් බදදා (18) දින එම මුලස්ථානයන්හි දී පවත්වන ලදි.

ඒ අනුව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන පුහුණු වැඩසටහනේ දී දියතලාව ප්‍රාදේශීය ගණකාධිකාරි කාර්යාලයේ මේජර් ඩබ්.ඒ.කේ.ටි. වික්‍රමසිංහ විසින් ‘මහජන මුදල් කළමනාකරණ’ පිළිබඳව සහභාගීවුවන් දැනුවත් කිරීම සිදු කෙරිනි.

තවද, මෙම මුලයේ රාජකාරි කරන සෙසු නිලයින් සඳහා බදුල්ල මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී තුසිත දිසානායක මහතා විසින් ‘පරිසරය සුරකිමු’ තේමාව යටතේ දේශනයක් ද පැවැත්විය.

නිලධාරීන් 16 ක් සහ සෙසු නිලයින් 65 ක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 81 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

එමෙන්ම, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ මඟපෙන්විම මත එම මුලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ද එදින පුහුණු දින වැඩසටහනක් පවත්වන ලදි.

මේ සඳහා සෙසු නිලයින් 50 දෙනෙකු සහභාගි වූ අතර, මුලතිව් යුද හමුදා රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ප්‍රථමාධාර ලබාදීම පිළිබඳ ඔවුන් දැනුවත් කරන ලදි.

latest jordans | Air Jordan Release Dates 2021 Updated , Gov