Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th December 2018 20:30:29 Hours

මධ්‍යම භට පිරිස් ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කරයි

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත 12 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙනවීමෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 8 වන ගැමුණු හේවා බළඇණියේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කළහ.

ඒ අනුව, ඩෙංගු මර්ධනය කිරීමේ අරමුණින් නොවැම්බර් මස 30 දින 8 වන ගැමුණු හේවා බළඇණියේ නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔක්කම්පිටිය දිස්ත්‍රික් රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වූ අතර ඉරිදා (02) දින කතරගම දිස්ත්‍රික් රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකු විසින් පවත්වනු ලැබීය. Sneakers Store | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4