Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථාන එල්ලේ තරඟාවලියේ ශූරතාවය 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවට

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අතර එල්ලේ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින්, එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංයේ අධීක්‍ෂණය යටතේ 18 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් සංවිධානය කරන ලද එල්ලේ තරඟාවලිය මාර්තු මස 15 සහ 16 දිනයන්හිදී මොණරාගල නගරසභා ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.  

දෙදිනක් පුරා පැවැති මෙම තරඟාවලිය සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන් හා පුහුණු පාසල් නියෝජනය කරමින් එල්ලේ කණ්ඩායම් 19 ක් සහභාගිවූ අතර අවසන් තරඟය සෙනසුරාදා (16) දින පැවැත්විණි.  

තරඟාවලියේ ශූරතාවය 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු කණ්ඩායමට හිමිවූ අතර අනුශූරතාවය 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායමට හිමිවිය.  

මෙම තරඟාවලිය මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත 18 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරීතුමාගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කළහ.  

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක සහභාගි වූහ. Sportswear Design | Nike Air Force 1 , Sneakers , Ietp STORE