Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2016 19:26:53 Hours

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති 2 (සෙව්) ශ්‍රීලංවියාඉ මූලස්ථානයේ සංචාරයක

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී.ද ඉසෙඩ් වික්‍ර‍මරත්න පසුගිය බ්‍ර‍හස්පතින්දා (28) දින දියතලාව 2 (සෙව්) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලස්ථානයේ සංචාරයක නිරත වූවේය. එම බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඒ.ඩී.එම්.ජී ගුණසේකර විසින් ආරක්ෂක සේනා ආඥාපතිතුමා මහත් හරසරින් පිළිගත් අතර, හෙතෙම වෙත සම්මාන මුරයක් ද පිරිනැමීය. 2 (සෙව්) ශ්‍රීලංවියාඉ මූලස්ථානයේ නා පැලයක් ද රෝපණය කළ ආඥාපතිතුමා එහි නිරීක්ෂණ කටයුතු අවසානයේ භට පිරිස් සමඟ කතාබහේ ද නියැලිනි. ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.Running sport media | Nike