Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd April 2017 14:24:11 Hours

මත්ද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ගජබා රෙජිමේන්තු මුලස්ථානය, 66 වන සේනාංකය සහ 65 වන සේනාංකයේදී

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයට අයත් සාලියපුර සහ තවත් ප්‍රදේශ දෙකකදී ‘අන්තරායකර මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය’ පිළිබඳ වෙන් වෙන් වශයෙන් දැනුවත් කිරිමේ වැඩසටහන් 03 ක් පවත්වන ලදි.

මෙහි පළමු වැඩමුළුව මාර්තු මස 28 දින අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ දී නිලධාරීන් සහ සෙසුනිලයින් 253 කගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංක මුලස්ථානයේ දී මාර්තු මස 29 දිනත්, 65 වන සේනාංක මුලස්ථානයේ දී 30 වන දිනත් පිළිවෙලින් යුද හමුදා සාමාජිකයින් 217 ක් සහ යුද හමුදා සාමාජිකයින් 252 ක් සහභාගීත්වයෙන් පවත්වන ලදි.

මේ සඳහා දේශන සහාය ශ්‍රී ලංකා යුද හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය ඒකකය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සහ මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් දැක්වූ අතර, මත්දුව්‍ය නිවාරනයේ වැදගත්කම විදහා දක්වන විදී නාට්‍ය සංදර්ශන ද මෙහිදි ප්‍රදර්ශනය කරනු ලැබීය.

affiliate link trace | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ