Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2017 20:25:39 Hours

මත්තේගොඩ නව සෙසු නිල හෝජනාගාරය උත්සවාකාරයෙන් විවෘත කෙරේ

5 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද සෙසු නිල භෝජනාගාරය, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් බදාදා (27) දින උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් පිළිගැනීම මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඩඩ්ලි වීරමන් විසින් සිදු කළ අතර, ශ්‍රී ලංකා ඉංජිනේරු භට පිරිස් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදි.

නව සෙසු නිල භෝජනාගාරය විවෘත කිරීමට ප්‍රථම යුද්ධ හමුදාධිපති විසින් කඳවුරු පරිශ්‍රයේ ස්ථාපිත බුද්ධ මන්දිරය වෙත මල් වට්ටියක් පූජාකරමින් ආගමික වතාවත් ද සිදු කළහ. ඉන් අනතුරුව සුභ මොහොතින් යුද්ධ හමුදාධිපතිතුමා විසින් පීත්ත පටිය කපා නව සෙසු නිල භෝජනාගාරය විවෘත කරනු ලැබීය.

භට පිරිස් හි දිගු කාලීන අවශ්‍යතාවයක් ව පැවති මෙම නව භෝජනාගාර ගොඩනැගිල්ල, නවීන ප්‍රමිතීන්වලට අනුකූලව මුළුතැන් ගෙයක් සහ විශාල භෝජන ශාලාවකින් සමන්විතව මාස 4 ක 5 ක කාලසීමවක් තුල දී ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ඉදිකර තිබේ.

ප්‍රධාන වැඩසටහනට සමගාමිව, නවතමයෙන් පුහුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ සුනඛයින් (Explosive Detective Dogs) සහ එම සුනඛයින් හසුරවන්නන් විසින් පැවැත් වූ සංදර්ශනයෙන් උත්සව අවස්ථාව තවත් වර්ණවත් විය.

සුනඛ සංදර්ශනයෙන් අනතුරුව රසායනික ජීව විද්‍යාත්මක හා න්‍යෂ්ටික අවි ප්‍රතිචාර බලඝණයේ නිලධාරීන් සහ සෙසු නිලයින් 143 දෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් රසායනික අවි ප්‍රහාරක අවස්ථාවක දී ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව පුහුණු යුද සරඹයක් ද ප්‍රදර්ශනය කළහ.

මෙම අවස්ථාව සිහිවනු වස් යුද්ධ හමුදාධිපතිතුමා විසින් මත්තේගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු පරිශ්‍රයේ පැළයක් ද රෝපනය කළ යුද්ධ හමුදාධිපතිතුමන් එම නිලධාරින් හා සෙසු නිලයින් සමඟ පිළිසඳරක නිරත වී ඔවුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳ සොයා බැලූ අතර, ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනි සිටියහ.

අනතුරුව ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නිලධාරින් හා සෙසු නිලයින් අමතමින් සිය දර්ශනය හා අනාගත අරමුණු පැහැදිලි කළේය.

මෙම උත්සවය අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමා විසින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබිම ද සිදු කරන ලදි.

යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න, 57 වන සේනාංකයේ සේනාංකාධිපති, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Sports News | Nike Air Max