Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2017 12:53:39 Hours

මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ 50 වන සංවත්සරය වෙනුවෙන් නව පුස්තකාලයක්

යාපනය, පුතූර් ප්‍රදේශයේ පිහිටි මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ 50 වන සංවත්සරයට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද අග්ගමහාපණ්ඩිත අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක අනුස්මරණ පුස්තකාලය සිකුරාදා (17) දින සිසු අයිතියට පත් කරන ලදී.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි ගේ අධීක්ෂණය යටතේ එම සේනාංකයේ භට පිරිස්හි කාර්මික දැනුම සහ තාක්ෂණය යොදාගනීමින් කොළඹ ධර්මවිජය පදනමේ අනුග්‍රහයෙන් යුද්ධ හමුදාවේ ශ්‍රාමදායකත්වයෙන් මෙම මහා නායක හිමි අනුස්මරණ පුස්තකාල ගොඩනැගිල්ල ඉදි කරන ලදි.

521 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සංජිව හෙට්ටිආරච්චි ගේ අධීක්ෂණය යටතේ 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ධම්මික ජයරත්න ගේ සම්බන්ධිකරණයෙන් විවෘත කිරීමේ උත්සව කටයුතු සංවිධානය කරන ලදි.

‘සෙත් පිරිත්’ සඡ්ඡායනා මධ්‍යයේ සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා සංකේතාත්මකව පීත්ත පටිය කපා නව පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය.

අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහා නායක සහ බම්බලපිටිය ශ්‍රී වජිරාරාම විහාරස්ථානයේ විහාරධිපති අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි සමගින් උතුරු පළාත් අණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමන් ප්‍රධාන ආරාධිතයන් වශයෙන් මෙම අවස්ථාවට සහභාගි වුහ.

උත්සව සභාව ඇමතු මහනායක ස්වාමින් වහන්සේ විසින් මෙම ඉදිකිරීම් කටයුතු සහ පාසලේ 50 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් දැක්වූ සහයෝගය අගය කල අතර, ඉදිකිරීම් කටයුතු සාර්ථක කරගැනීම සඳහා පරිත්‍යාගශිලීන් දැක්වු දායකත්වය ද ප්‍රශංසාවට ලක් කළහ.

තවද, එහිදි මහරගම ශ්‍රී වජිරාරාම දහම් පාසලේ අනුග්‍රහයෙන් පාසල් පොත්, ලිපි ද්‍රව්‍ය සහ කියවීමේ පොත් ඇතුලත් ත්‍යාග පාර්සල් ද සිසුන් 45 දෙනෙකු වෙත බෙදාදෙන ලද අතර, ගුරුවරුන් 7 දෙනෙකු වෙත ත්‍යාග ද පිරිනමන ලදි.

අපවත් වී වදාළ අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමින් වහන්සේ ගේ සිතුවමක් නිරාවරණය කරමින් පාසල් දරු දැරියන්ට ශිෂ්‍යත්ව ආධාර බෙදාදීමක් ද මෙහිදි සිදුවිය.

short url link | Air Jordan