Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

භඨ පිරිස් ළමුන්ගේ භාවිතය සඳහා අතහැර දැමු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරයි

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ 62 සේනාංක මුලස්ථානයේ ස්ථාපිත 14 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භඨ පිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.එච්.එම්.ඒ විජේසිංහගේ මඟ පෙන්වීම යටතේ සම්පත්නුවර ‘රණවිරු පියස’ ගම්මානයේ පිහිටි අතහැර දැමු ප්‍රජාශාලා ගොඩනැගිල්ල ගම්වාසින්ගේ ආධාර ද ඇතිව කුඩා ළමුන් සඳහා පෙර පාසලක් බවට පත් කරන ලදි.

වැලිඔය පිහිටි සම්පත්නුවර ‘රණවිරු පියස’ ගම්මානය නිවාස 48 කින් සමන්විත වන අතර මෙය වන්නි ප්‍රදේශයේ විවාහක සන්නද්ධ හමුදා සමාජිකයන් සඳහා ඉදිකර ඇත. නමුත් ඔවුන්ගේ ළමුන් සඳහා නිසි පෙර පාසලක් නොමැති කමින් ඔවුන් හට පෙර පාසල් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ඉතා දුර බැහැරට ගමන් කිරීමට සිදුවිය.

මේ පිළිබඳව, 14 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි විසින් සොයා බැලීමෙන් අනතුරුව මෙම අතහැර දැමු ගොඩනැගිල්ල පිළිබඳව සේනාංකාධිපති වෙත දැනුම් දීමෙන් පසු මෙය පෙර පාසලක් බවට පත් කිරිමට ඇති හැකියාව සොයා බලන ලදි. ඒ අනුව වන්නි ආරක්ෂක සේනා ආඥාපතිගේ ආශිර්වාදයෙන් යුතුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කල අතර ගම්වැසියන් විසින් මියගිය රණවිරුවකුගේ බිරිඳක් පෙර පාසල් ගුරුවරිය ලෙස තොරාගත් අතර භඨ පිරිස් විසින් මුලික අලුත්වැඩියාව හා ඩෙස්, පුටු ආදිය සපයා දීමෙන් අනතුරුව ආරම්භ කල මෙම පෙර පාසලෙහි පාලන කටයුතු ගම්වැසියන් විසින් සිදුකරනු ලබයි.

අඟහරුවාදා (10) දින පැවති චාම් උත්සවයකදී මහා සංඝයා වහන්සේලාගේ අශිර්වාද මධ්‍යයේ සම්ප්‍රධායානුකූලව පොල්‍තෙල් පහන දල්වා සිසුන් 8 දෙනකුගෙන් යුත් පෙර පාසල ආරම්භ කරන ලදි. ඉන් අනතුරුව පෙර පාසල් ගුරුවරිය විසින් සුභ මොහොතින් ළමුන් කණ්ඩායම බඳවා ගන්නා ලදි.

මීට පෙර මෙම ගොඩනැගිල්ල ප්‍රජාශාලවක් ලෙස භඨ පිරිස් විසින් ඉදි කරන ලද අතර පසුව ගම්මානය මධ්‍යයේ වෙනත් ගොඩනැගිල්ලක් ඉදි කිරිම හේතුවෙන් මෙය අතහැර දමන ලදි.

62 වන සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.එච්.එම්.ඒ විජේසිංහ නියෝජනය කරමින් 14 (ස්වෙච්ඡා) පාබල හමුදාවේ අණදෙන නිලධාරි මෙම උත්සවය සඳහා සහභාගි වු අතර තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

දෙමාපියන්, ගුරුවරුන්, සිසුන් සහ ගම්වැසියන් මෙම උත්සවයට එක්ව සිටියහ.

Buy Sneakers | nike air jordan lebron 11 blue eyes black people