Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th September 2017 11:21:32 Hours

භට පිරිස්හි අධාරයෙන් රත්නපුර ප්‍රදේශයේ මාර්ග යථා තත්ත්වයට පත්කෙරේ

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට - එරත්න, රත්නපුර - වේවැල්විට සහ තවත් ස්ථාන කිහිපයක පසුගිය සැප්තැම්බර් මස 09 සිට 14 දින දක්වා කාලය තුල අඛණ්ඩව ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හා පස් කඳු කඩා වැටිමෙන් අබලන් වු ප්‍රධාන මාර්ග කිහිපයක් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 583 වන බලසේනාවේ භට පිරිස් විසින් යථා තත්ත්වයට පත් කරන ලදි.

583 වන බලසේනාවට අයත් 8 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් කුරුවිට - එරත්න මාර්ගයේ ඇද වැටී තිබු කොන්ක්‍රීට් විදුලි පහන් කණු 03 ක් හා දුරකථන කණුවක් ඇද හැලුන ධාරණිපාත වර්ෂාව නොතකා එම ස්ථානයෙන් ඉවත්කර ප්‍රධාන මාර්ගය නැවතත් ගමනා ගමන කටයුතු සඳහා යාථා තත්ත්වයට පත් කරන ලදි.

එමෙන්ම, සෙනසුරාදා (9) දින බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ගේ උපදෙස් මත 8 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් රත්නපුර - වේවැල්වත්ත මාර්ගයේ ආඳාඇල්ල ප්‍රදේශයේ මාර්ගයට කඩා වැටී තිබු පස් කඳු ඉවත් කිරීම සඳහා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායට අයත් බැකෝ යන්ත්‍ර සහ එක්ස්කැවේටර් යන්ත්‍ර උපයෝගී කර ගනිමින් මාර්ගය යථා තත්ත්වයට පත් කරන ලදි.

Running sport media | Sneakers Nike Shoes