Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

භට පිරිස් විසින් අයහපත් කාලගුණයෙන් අඩාල වූ කිළිනොච්චි සිවිල් වැසියන්ගේ ගමනාගමනය යථාතත්වය පත් කරයි

කරදිපොක්කු - උරුතිරාපුරම් මාර්ගයේ ගමනාගනය සඳහා ඇති පාලම නැවත යථාතත්වයට පත් කර දෙන මෙන් එම ප්‍රදේශයේ විපතට පත් වැසියන්කරන ලද ඉල්ලීමකට අනුව කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 662 බලසේනාවෙහි යුද හමුදා සාමාජිකයින් එම පාලමෙහි ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත.

උරුතිරාම් ප්‍රදේශයේ පැවති අධික වර්ෂා තත්වය හේතුවෙන් පැවති ගංවතුර තත්වය හමුවේ සිවාන් සෝලායි පාලම ගමනාගමනය සඳහා භාවිතා කළ නොහැකි තත්වයට විනාශ වී ගොස් ඇති අතර, එමගින් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් මහත් අපහසුතාවයට පත් වී ඇත.

එම අවස්ථාවේ පැවති තත්වය හමුවේ එම ප්‍රදේශයේ වැසියන්ගේ අපහසුතාවය දුටු කිළිනොච්චි කලාප සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කාර්ති මහතා විසින් කිලිනොච්චි දිස්ත්‍රික්ක ලේකම් වෙත දැන්වීමෙන් අනතුරුව 66 වන සේනාංක භට පිරිස් සහ 662 බලසේනාවේ බලසේනාධිපති විසින් සැමගේ සහය ඇතිව එම තත්වය හමුවේ ආරක්ෂාව සපයා ඇත.

එහිදී 662 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජී.ඩී සුරියබණ්ඩාර ගේ ක්ෂණික උපදෙස් මත ක්‍රියාත්මක වූ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් අඟහරුවාදා (29) පස්වරු 2.00 පමණ වන විට එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ගමනා ගමන කටයුතු යථාතත්වයට පත් කරමින් අවශ්‍ය ආරක්ෂක පියවරයන් ගෙන ඇත.

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලානගේ අධීක්ෂණය යටතේ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා සහ 18 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් බදාදා (30) දින වන විට අධික වර්ෂාවෙන් බලපෑම් ඇති වූ උරුතිරාපුරම්, පෙරියකුලම් සහ කිලිනොච්චි අවට ප්‍රදේශයේ ගමනාගමනය යථාතත්වයට පත් කිරීම සඳහා කටයුතු කරනු ලැබීය.

මෙහිදී වහා ක්‍රියාත්මක වූ  20 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් සහ 18 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් වැලි ගෝනි 500 ක් පමණ යොදා ගනිමින් වර්ෂාව නොතකා වැව් බැම්මේ දුර්වල ප්‍රදේශ අවාරණය කර තත්වය පාලනය කිරීමට යුහුසුළුව ක්‍රියා කරනු ලැබීය.

මේ අතර, බ්‍රහස්පතින්දා (1) දින 572 බලසේනාවෙහි 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් කන්දවාලි පෙරියකුලම් ප්‍රදේශයේ 70 හැවිරිදි එම් රාසම්මා නම් මිත්තණියක් සහ 8 හැවිරිදි එස් කාර්තිකා නම් මිණිපිරිය වෙසෙන නිවසෙහි වහලයට පොල් ගසක් වැටීම හේතුවෙන් එම නිවසේ සුන් බුන්වලට කොටුවී සිටින එම දෙදෙනා බේරාගෙන නිවස පැය කිහිපයක් ඇතුලත දී යථා තත්වයට පත් කරනු ලැබීය.

affiliate tracking url | nike air jordan lebron 11 blue eyes black people