Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2017 06:51:00 Hours

බෝගස්වැව ළමුන් වෙත ත්‍යාග

බෝගස්වැව II ගම්මානයේ අප්‍රේල් මස 11 දින පැවති ළමා බක්මහා උළෙලට සමගාමිව බෝගස්වැව දිලෙන තරු පෙර පාසලේ ළමුන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ටි.ජේ. නානායක්කාරගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි.

මෙහිදී උතුරු පලාතේ නියොජ්‍ය සංඝ නායක ස්වාමින් වහන්සේ විසින් ආගමික වතාවත් සිදුකරන ලද අතර, ඉන් අනතුරුව පෙර පාසල් ළමුන් 50 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ඇඳුම් සහ වියළි සලාක අඩංගු ත්‍යාග පාර්සල් පිරිනමනු ලැබීය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් හා මඟපෙන්විම යටතේ එම සේනාංක සම්බන්ධිකරණ ශාඛාවේ සම්බන්ධිකරණයෙන් පැවති මෙම වැඩසටහන සඳහා නුගේගොඩ Catico Enterprises පුද්ගලික ආයතන විසින් මූල්‍යමය දායකත්වය දක්වන ලදි.

563 බලසේනාවේ බලසේනාධිපති, වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිලධාරී, 563 බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, Catico Enterprises පුද්ගලික ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක සහ පවුලේ සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන් විශාල පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

short url link | Nike