Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2018 17:57:53 Hours

බුත්තල, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පවත්වනු ලබන අධ්‍යයන සැසියේදී ‘ගැටුම් විෂ්ලේශණය’ සැබැදිව ගවේෂණය කරයි

‘ගැටුම්වල ස්වභාවය පිළිබඳ ගෝලීය සහ කලාපීය විශ්ලේෂණය’ (Dynamics of Conflicts; Analysis within Regional and Global Context) යන තේමාව යටතේ බුත්තල, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික අධ්‍යයන සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසිවාරය බ්‍රහස්පතින්දා (31) දින උදෑසන බුත්තලදී ආරම්භ කරන ලදී.

මෙම සමාරම්භක සැසිවාරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනාවකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණරත්න සහභාගී වු අතර සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව සැසිවාරයේ ප්‍රධාන දේශණය ද එතුමන් විසින් පවත්වන ලදී.

මෙහිදි දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණරත්න වෙත ප්‍රධාන දොරටුව අභියස දී හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරය පසුකරගෙන යාම (drive-past Guard Turnout) පිරිනමන ලදී. සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව බුත්තල, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන ගුණවර්ධන විසින් පැමිණ සිටි සියළුදෙනා පිළිගනිමින් පිළිගැනිමේ කථාව සිදුකළහ.

මෙහි පළමු සැසි වාරය ආරම්භ කරමින් ‘සීතල යුද්ධය අවසන්වීමෙන් පසු ලෝකයේ විකාශණය’ (Evolution of the world order following the end of the Cold War) යන මාතෘකාව යටතේ ආචාර්ය හරින්‍ද්‍ර විදානගේ විසින් පළමු දේශණය පවත්වන ලදී. එමෙන්ම කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආචාර්ය සිතාර ප්‍රනාන්දු මහතා විසින් ‘ලෝකයේ ප්‍රධාන බලවතුන්ගේ මූලෝපායික අභිලාෂයන් සහ ආසියා ශාන්තිකර කලාපය කේන්ද්‍රස්ථානයක් ලෙස ගැටුම්කාරි තත්වයන් ආවරණය කරන්නේ කෙසේද?’ (Strategic aspirations of the major powers and how the Asia pacific turns into a hub of converging and conflicting interests) යන මාතෘකාව යටතේ සමාරම්භක දින සැසිවාරය සඳහා සිය දායකත්වය ලබාදුන්හ.

දෙවන සැසිවාරයේ සභාපතිත්වය 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් හොඹවන ලදී. මෙම සැසිවාරය සඳහා සහභාගිවුවන්ගේ දැනුම වර්ධනය සඳහා ප්‍රථම කඨිකයා ලෙස කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අසන්ත සෙනෙවිරත්න මහතා විසින් ‘ගෝලීය දේශපාලනය, දකුණු ආසියානු කුඩා රාජ්‍යයන්හි ප්‍රධාන උපාය මාර්ග හා ආරක්‍ෂක ගැටළු’ (Geopolitics, grand strategies and security concerns of small nations in South Asia) යන මැයෙන් ද දෙවන කඨිකයා ලෙස කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සනත් ද සිල්වා මහතා විසින් ‘දකුණු ආසියාවේ න්‍යෂ්ඨික සංකීර්ණතාවය’ (Nuclear complexities in South Asia) යන මැයෙන් ද දේශණයන් පවත්වන ලදී.

සෑම සැසිවාරයක් අවසානයේම කණ්ඩායම් සමාජිකයින්ගේ උපදෙස් පරිදි ප්‍රශ්ණ හා පිළිතුරු සැසිවාරයන් ද පවත්වනු ලබයි.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න, යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ සහ යුද්ධ හමුදාව සහ නාවික හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් 60 දෙනෙකු මෙම දෙදින සම්මන්ත්‍රණය සඳහා සහභාගි වු අතර දෙදිනක් පුරාවට පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණය සිකුරාදා දිනෙන් අවසන් වීමට නියමිතය.

jordan Sneakers | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!