Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd December 2017 01:18:05 Hours

බුත්තල නිලධාරි ප්‍රගමණ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික සම්මන්ත්‍රණය ඇර‍‍‍ඹේ.

‘වර්තමාන ආරක්ෂක සන්දර්භයට අනුවර්තනය වීම; සොල්දාදුවාගේ පරිවර්තනය’ යන තේමාව යටතේ බුත්තල නිලධාරි ප්‍රගමණ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසිය බ්‍රහස්පතින්දා (21) දින එම මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.

සම්ප්‍රදායිකව පොල් තෙල් පහන් දැල්වීමෙන් අනතුරුව බුත්තල නිලධාරි ප්‍රගමණ සංවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන ගුණවර්ධන විසින් පිලිගැනිමේ කථාව සිදුකරන ලද අතර ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සම්මන්ත්‍රණයේ තේමාවට අදාළවන පරිදි ප්‍රධාන දේශණය පවත්වන ලදී.

බුත්තල නිලධාරි ප්‍රගමණ සංවර්ධන මධ්‍යස්ථානයේ පැවත්වුන මෙම 2017 වසරේ 2 වන සැසිය සඳහා කර්නල් නිලය, ලුතිතන් කර්නල් නිලය සහ මේජර් නිලය නියෝජනය වන පරිදි ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 64 දෙනෙකු ද සහභාගි විය.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපක්‍රමික අධ්‍යයන අංශයේ මහාචාර්ය අමල් ජයවර්ධන සහ කළමණාකරන අධ්‍යයන අංශයේ ආචාර්ය ලක්ෂිකා ලියනගේ යන ජ්‍යෙෂ්ඨ දේශකයන් මෙම සමාරම්භක සැසියේ ආරාධිත දේශකයන් වශයෙන් සහභාගි විය.

දෙසැම්බර් 21 සහ 22 යන දෙදින තුල පවත්වනු ලබන සැසි වාරයන්හි සහභාගිවුවන්ගේ දැනුම වර්ධනය හා අදහස් හුවමාරු කරගැනිමට ප්‍රශ්ණ හා පිළිතුරු සැසි වාරයක් ද ඇතුළත් වේ.

මෙම අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත බුත්තල නිලධාරි ප්‍රගමණ සංවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන ගුණවර්ධන විසින් විශේෂ සමරු ඵලකයක් පිලිගන්වන ලදී.

මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් බුත්තල නිලධාරි ප්‍රගමණ සංවර්ධන මධ්‍යස්ථානයේ දැනට සිදුකෙරෙන ඉදිකිරිම් සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලු අතර අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් ද තැබිය.

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි විය.

latest Running | Nike Air Force 1 , Sneakers , Ietp STORE