Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

බිලියඩ් සහ ස්නූකර් තරඟාවලියේ ශූරතාවය ඉංජිනේරු සේවා බලකායට

අන්තර් රෙජිමේන්තු බිලියඩ් සහ ස්නූකර් තරඟාවලියේ අවසන් තරඟය සිකුරාදා (07) දින යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැති අතර තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට ඉංජිනේරු සේවා බලකාය සමත්විය. මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 16 ක් සහභාගි වූ අතර අවසන් තරඟය සඳහා ඉංජිනේරු සේවා බලකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කණ්ඩායම තරඟ වැදුණි.

මෙම තරඟාවලියේ අවසන් තරඟයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ඉංජිනේරු නිලධාරී මේජර් ජෙනරාල් කුමා පීරිස් සහභාගි වූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා බිලියඩ් සහ ස්නූකර් කමිටුවේ සභාපති තුමන් විසින් මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

තවද තරගාවලියේදී දක්ෂතා දැක්වූවන්ට ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පදක්කම්, කුසලාන සහ සහතිකපත් පිරිනැමීය.

අවසාන වශයෙන් අන්තර් රෙජිමේන්තු බිලියඩ් සහ ස්නූකර් තරඟාවලියේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා බිලියඩ් සහ ස්නූකර් කමිටුවේ සභාපති තුමන් විසින් ස්තුති කථාව සිදු කළහ.

අන්තර් රෙජිමේන්තු බිලියඩ් සහ ස්නූකර් තරඟාවලිය - 2018 හී ජයග්‍රාහකයින් පහතින් දැක්වේ;

ආධුනික කේවල බිලියඩ් ස්නුකර් තරඟාවලිය

ඉංජිනේරු සෙබල සි.එම්.ජි. චන්ද්‍රසේකර - ඉංජිනේරු සේවා බලකාය (ශූරතාවය)

ඉංජිනේරු සෙබල එම්.ආර්.එම්.රිෆ්කාන් - ශ්‍රී ලංකා ඉජිනේරු බලකාය - (අනුශුරතාවය)

ආධුනික කේවල ස්නුකර් තරඟාවලිය

සාමාන්‍ය සෙබල ඩබ්.ඩී. මදුශංක ගැමුණු හේවා බලකාය - (ශූරතාවය)

සංඥා සෙබල එස්.එස්. කුමාරප්පෙරුම - ශ්‍රී ලංකා සංඥා බලකාය (අනුශූරතාවය)

විවෘත කේවල බිලියඩ් තරඟාවලිය

ලාන්ස් කෝප්‍රල් එම්.එම් මුබීන් - ඉංජිනේරු සේවා බලකාය (ශූරතාවය)

ඉංජිනේරු සෙබල සී.එම්.ජි.චන්ද්‍රසේකර - ඉංජිනේරු සේවා බලකාය (අනුශූරතාවය)

විවෘත කේවල ස්නුකර් තරඟාවලිය

ලාන්ස් කෝප්‍රල් එස්.එස්. දිනුරුවන් - ඉංජිනේරු සේවා බලකාය (ශූරතාවය)

ඉංජිනේරු සෙබල එස්.ජේ.එම්.පී. සමරකෝන් - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය (අනුශූරතාවය)

අන්තර් රෙජිමේන්තු බිලියඩ් සහ ස්නූකර් තරඟාවලිය - 2018 හී ශූරතාවය (කණ්ඩායම)

ඉංජිනේරු සේවා බලකාය ( ඒ - කණ්ඩායම)

මාණ්ඩලික සැරයන් එස්.ජි. සුසන්ත වික්‍රම

ලාන්ස් කෝප්‍රල් ටි.ඩි.මදුරංග

ලාන්ස් කෝප්‍රල් එස්.එස්.දිනුරුවන්

ලාන්ස් කෝප්‍රල් එම්. එම්. මුබීන්

ඉංජිනේරු සෙබල එම්. එස්. එන්. එම්. ප්‍රනාන්දු

අන්තර් රෙජිමේන්තු බිලියඩ් සහ ස්නුකර් තරඟාවලිය - 2018 හී අනුශූරතාවය (කණ්ඩායම්)

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකාය (බී - කණ්ඩායම)

ඉංජිනේරු සෙබල එස්.ජේ.එම්.පී. සමරකෝන්

ඉංජිනේරු සෙබල එස්.එල්. ගමගේ

ඉංජිනේරු සෙබල ඩී.එම්.ජේ.කේ.දසනායක

ඉංජිනේරු සෙබල කේ.එච්.එම්.ඒ.එස්. බණ්ඩාර

ඉංජිනේරු සෙබල එම්.ආර්.එම්. රිෆ්කාන්

අන්තර් රෙජිමේන්තු බිලියඩ් සහ ස්නුකර් තරඟාවලිය - 2018 හී දක්‍ෂතම බිලියඩ් ශුරයා

ලාන්ස් කෝප්‍රල් එම්.එම්. මුබීන් - ඉංජිනේරු සේවා බලකාය

අන්තර් රෙජිමේන්තු බිලියඩ් සහ ස්නුකර් තරඟාවලියේ - 2018 හී දක්‍ෂතම ස්නුකර් ශූරයා

සාමාන්‍ය සෙබල ඩබ්.ඩී. මදුශංක - ගැමුණු හේවා බලකාය Mysneakers | adidas Yeezy Boost 350