Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th November 2018 23:28:10 Hours

බිරිඳගේ ඉල්ලීමට අනුව අතුරුදන්වූ ස්වාමිපුර්ෂයා සෙවීමට යුද්ධ හමුදාවේ සහය

කොක්කුතුඩායි ගම්මානයේ ගොවියෙකු අඟහරුවාදා (13) දින උදෑසන තම ගොවිතැන් කටයුතු සඳහා කුඹුරට ගොස් නැවත නිවසට නොපැමිණි බව ඔහුගේ බිරිඳ විසින් දැනුම්දීමෙන් අනතුරුව ක්‍රියාත්මක වූ මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 19 වන ගැමුණු හේවා බලඇණියේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පොලිසියේ ද සහයෝගය ඇතිව සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

කනගයියා උදයකුමාර් නැමති 42 වන වියේ පසුවන මෙම ගොවියා එදින උදෑසන තම ගොවිතැන් කටයුතු සඳහා කුඹුරට ගොස් ඇති නමුත් ඔහු නැවත නිවසට නොපැමිණිම පිළිබඳ ඔහුගේ බිරිඳ විසින් දැනුම්දීමෙන් අනතුරුව සිය ස්වාමී පූර්ෂයා සොයාගැනීම සඳහා ළඟම යුද්ධ හමුදා කඳවුර වෙතින් සහයෝගය ඉල්ලා සිටියහ. ඒ වනවිට ඇය මේ පිළිබඳව පොලිසියට ද දැනුම්දී තිබිණි.

ඒ අනුව, ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා සාමාජිකයින් පැය කිහිපයක සෝදිසි මෙහෙයුමකින් අනතුරුව සතුන් දඩයම් කිරීම සඳහා දඩයම්කරුවන් විසින් අදින ලද අනාරක්‍ෂිත විදුලි රැහැනකට හසුවී මියගොස් තිබු මෙම ගොවියාගේ මෘත දේහය සොයාගැනීමට සමත්විය. ඉන් අනතුරුව, පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව පවුලේ සාමාජිකයින් වෙත දේහය භාරදීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.

මෙම සෝදිසි මෙහෙයුම යුද්ධ හමුදා සාමාජිකයින් පොලිසිය සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව දියත් කරනු ලැබීය.

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පි.ආර්. වනිගසුරිය ගේ සහ 593 වන බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ මඟපෙන්වීම මත 19 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ අතුරුදන්වූ ගොවියා සොයා සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

මේ පිළිබඳ වැඩිදුර පරික්‍ෂණ පොලිසිය විසින් සිදුකරනු ලබයි.Nike air jordan Sneakers | NIKE HOMME