Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st August 2018 12:00:05 Hours

බාබඩෝස් සංචාරය සඳහා පිටත්ව යන ක්‍රිකට් කණ්ඩායම වෙත යුද්ධ හමුදාධිපතිගේ ආශිර්වාදය

බාබඩෝස් ආරක්‍ෂක බලකාය සිය හොඳහිත සහ සුහඳත්වය සංකේතවත් කරමින්, විස්සයි විස්ස තරඟ 03 කට සහ පන්දුවාර 50 ක තරඟ දෙකක් සඳහා ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා ක්‍රිකට් කණ්ඩායම වෙත ආරාධනා කරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා ක්‍රිකට් කණ්ඩායමේ යුද්ධ හමුදා ක්‍රීඩකයින් 08 ක් සහ නාවික හමුදා ක්‍රීඩකයින් 06 ක් ලෝක හමුදා ක්‍රීඩා කවුන්සලයේ (World Military Sports Council) ‘මිත්‍රත්වය හරහා ක්‍රීඩාව’ (Friendships Through Sports) යන සංකල්පයට සමගමීව නුඳුරේ දී බාබඩෝස් බලා පිටත්වයාමට නියමිතය.

ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා ක්‍රිකට් කණ්ඩායමේ එම සමාජිකයින් දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම අඟහරුවාදා (31) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. අගෝස්තු මස 3 දින සිට 15 දින දක්වා බාබඩෝස් ආරක්‍ෂක බලකායේ I කාණ්ඩායම සමඟ පැවැත්වෙන එම තරඟ මාලාවට සහභාගිවීමට නියමිත අතර, හමුදා නොවන අංශවල බාබඩෝස් ක්‍රිකට් ක්‍රීඩා සමාජවල පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩකයින් හමුවී අදහස් හුවමාරු කර ගැනීමට ද නියමිතය.

එසේම, බාබඩෝස් ආරක්‍ෂක බලකා ක්‍රිකට් කණ්ඩායම සමඟින් ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා ක්‍රිකට් කණ්ඩායම ද අගෝස්තු මස 3 දින සිට 14 දින දක්වා බටහිර ඉන්දීය කොදෙව් සභාපතිගේ කාණ්ඩායම හා තරඟ වැඳිමට නියමිතය.

යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් බී.එස් විදානගේ, රියර් අද්මිරාල් එස්.ඒ වීරසිංහ, බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර, කොමදෝරු ඒ.පී. එන් ද සිල්වා, කණ්ඩායම් නායක ලාන්ස් කෝප්‍රල් ද සිල්වා ඇතුළු ආරක්‍ෂක සේවා ක්‍රීඩකයින් 13 ක් එහිදි යුද්ධ හමුදාධිපතිතුමා හමු වූ අතර, මෙම අවස්ථාව සිහිගන්වමින් යුද්ධ හමුදාධිපතිතුමා සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනිසිටියහ.

මෙම හමුවේ දී යුද්ධ හමුදාධිපතිතුමා එම ක්‍රීඩකයින් දිරීගන්වමින් සිය සුභපැතුම් එක් කළහ.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ සුදසිංහ, මේජර් ජෙනරාල් බී.එස් විතානගේ, රියර් අද්මිරාල් එස්.ඒ වීරසිංහ, බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර, කොමදෝරු ඒ.පී.එන් ද සිල්වා, කණ්ඩායම් නායක ලාන්ස් කෝප්‍රල් ද සිල්වා ඇතුළු ආරක්‍ෂක සේවා ක්‍රීඩකයින් 13 ක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටයහ. Asics footwear | Air Jordan Release Dates Calendar