Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2019 16:38:42 Hours

බ්‍රිතාන්‍ය, එක්සත් ජනපද සහ ඕස්ට්‍රේලියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ හා උතුරු අයර්ලන්තයේ මහ කොමසාරිස් ගරු ජේම්ස් ඩවුරිස් (H.E James Dauris), ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ගරු ඇලිනා බී. ටෙප්ලිට්ස් (H.E Alaina B. Teplitz) සහ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළෙඳ නිලධාරි සෂෝ රිපිලොස්කි මහත්මිය (Mr Sasho Ripilloski) පසුගියදා යාපනය ආර්ධද්වීපයේ සිදුකල සංචාරයක් අතරතුර පලාලි පිහිටි යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.

වෙන් වෙන් වශයෙන් පැවැති මෙම අන්තර්ක්‍රියාකාරී හමුවන් අතරතුරදී, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගත් රාජ්‍යතාන්ත්‍රිකයින් අර්ධද්වීපයේ දැනට ක්‍රියාත්මක කරනු ලබන සංහිඳියා, ජනවාර්ගික සහාජිවන සහ ආර්ථිකය නගාසිටුවීමේ ව්‍යාපෘතින් මෙන්ම සිවිල් - හමුදා සම්බන්ධතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා කළහ.

තවද මෙහිදි රාජ්‍යතාන්ත්‍රිකයින් විසින් ආර්ධද්වීපයේ නැවත පදිංචිකරවීම හා පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම ඇතුළු පුනරුත්ථාපන කටයුතු මෙන්ම සිවිල් වැසියන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන වෙනත් කාරණා සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති ප්‍රගතිය පිළිබඳව ද විමසා සිටියහ. රාජතාන්ත්‍රිකයින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයෙන් නික්මයාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහන් ද තැබීය.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පැවැති මෙම සුහද හමු සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ. Running Sneakers | Women's Nike Air Max 270 trainers - Latest Releases