Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th September 2018 21:18:07 Hours

බ්ලුමැන්ඩල් කුණු කන්දේ ඇතිවු ගින්න මැඩ පැවැත්වීම සඳහා 100 කට වැඩි යුද්ධ හමුදා භට පිරිසක්

කොළඹ 13 ප්‍රදේශයේ ඇති බ්ලුමැන්ඩල් කුණු කන්ද හි ඇති වු විශාල ගිනි ගැනිම් තත්වය බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංක භට පිරිස්, කොළඹ මහ නගර සභා ගිනි නිවිම් අංශයේ ගිනි නිවන භටයින් හා එක්ව අගහරුවාදා (4) දින රාත්‍රි 8.00 පමණ වන විට මැඩ පැවැත්වීමට සමත් වී ඇත.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් පරිදි 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ප් නුගේරා ගේ අධික්‍ෂණය යටතේ එම සේනාංකයට අයත් 9 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව, 6 වන ගැමුණු හේවා බලඇණිය සහ 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුව යන ඒකකයන් හි නිලධාරින් 9 දෙනෙකු ඇතුළුව 148 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් ගිනි නිවිමේ භටයින් හා එක්ව ගින්න ව්‍යාප්ත වීම මැඩපැවත්වීම සඳහා ඉතාමත් යුහුසුළුව ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත්, ගිනි නිවන භටයින්ගේ සහාය ඇතිව, රාත්‍රි කාලය වන විට ගින්න තවදුරටත් පැතිර යාම වැලැක්වීමට යුද්ධ හමුදා භට පිරිස් සමත් වු අතර, මෙම මොහොත වන විටත් යුද්ධ හමුදා භට පිරිස් නැවතත් ගිනි ගැනිම් තත්වයක් ඇතිවුවහොත් එය පාලනය කිරිම සඳහා ඉතාමත් විමසිලිමත්ව එම ස්ථානයේ රැදි සිටිති.Sportswear free shipping | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5