Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th February 2016 21:27:31 Hours

බටහිර භටපිරිස් ඩෙංගු මර්ධන ව්‍යාපාරයක නිරත වේ

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදා මූළස්ථානයේ උපදෙස් පරිදි බටහිර ආරක්ෂක සේනා මූළස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් පරිදි එම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් පෙබරවාරි මස 11 සිට 13 දක්වා ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කරන ලදී. ප්‍රාදේශීය වසංගත රෝග මර්ධන වෛද්‍ය නිළධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන්ගේ සහය ඇතිව 14 වන සේනාංකයේ සහ 58 වන සේනාංකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව 14 වන සේනාංකයේ නිළධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිළයින් 360 දෙනෙකු විසින් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර‍කරගනිමින් කොලොන්නාව, දෙහිවල, මොරටුව , මහරගම, බත්තරමුල්ල සහ කෝට්ටේ ද ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැළණිය, මහර සහ අත්තනගල්ල ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල ද පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. තවද, 58 වන සේනාංකයේ නිළධාරන් හතර දෙනෙකු සහ සෙසු නිළයින් 70 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයේ කෑගල්ල, අරණායක සහ මාවනැල්ල ප්‍රදේශවල ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සහාය ද මේ සඳහා ලැබේ.jordan release date | Nike nike dunk high supreme polka dot background , Gov