Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th September 2018 13:11:32 Hours

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් පවත්වනු ලැබු තොරතුරු තාක්‍ෂණ පාඨමාලා අදියර III සාර්ථකව අවසන්

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු තොරතුරු තාක්‍ෂණ පුහුණු පාඨමාලා - අදියර III මාසයකට අධික කාලයක් පැවැති අතර එම පාඨමාලාව අඟහරුවාදා (11) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී සාර්ථකව අවසන් විය.

මෙම පාඨමාලාව යුද්ධ හමුදා සාමාජිකයින් 31 දෙනෙකු සාර්ථකව හැදෑරු අතර ඔවුනට පාඨමාලාව අවසනයේ සහතික පත් පිරිනමනු ලැබීය. මෙම සහතික පත් ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ජිනේන්ද්‍ර තන්තිරිවත්ත සහභාගි විය. latest jordan Sneakers | NIKE HOMME