Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th June 2018 16:51:54 Hours

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය ඩෙංගු මර්ධන මෙහෙයුම් අරඹයි

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මුලිකත්වයෙන් ජුනි මස 6 දින සිට 7 දින දක්වා කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන නගරයන් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලැබුහ.

බොහෝ ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහ අනෙකුත් අවධානම් ස්ථාන සොයා ගැනීම සඳහා මහජන සෞඛ්‍යය පරික්‍ෂකවරුන්, අදාල ප්‍රාදේශීය බලධාරීන්, පොලිස් නිලධාරීන් සහ යුද්ධ හමුදා නිලධාරීන් මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයන් 500 ක් පමණ මේ සඳහා යොදවා තිබිණ.

14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා සහ 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා මේ සඳහා පෙරමුණ ගෙන කටයුතු කළහ.

affiliate link trace | Air Jordan