Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th December 2016 15:13:57 Hours

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයට නව නිලධාරී නිවස්න සංකීර්ණයක්

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරණ ලද නිලධාරී නිවස්නය එහි ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයකට අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සඳුදා (26) දින විවෘත කළ අතර, පනාගොඩ පිහිටි බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතුවුවන් ද හමුවිය.

එහි පැමිණි යුද හමුදාපතිතුමන්ව, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් පිළිගැනීමෙන් අනතුරුව, නිලධාරී නිවස්නය විවෘත කිරීමට සහ පොල්තෙල් පහන දැල්වීමට ආරාධනා කරන ලදි. එහිදි යුද හමුදාපතිතුමා, පීත්ත පටිය කපා එම ගොඩනැගිල්ල විවෘත කරන ලෙස මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ වෙත ආරාධනා කළහ.

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම දෙමහල් නිලධාරී නිවස්නය නවාතැන් පහසුකම්, නිලධාරීන් සඳහා විවේක කාමර ඇතුලු අනෙකුත් පහසුකම්වලින් සමන්විතය.

1 වන ඉංජිනේරු සේවා බලකාය විසින් මෙම ඉදිකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙමින් සියලුම ඉදිකිරිම් සිදු කළ අතර, බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් මේ සඳහා ශ්‍රමදායකත්වය දැක්වූහ. මෙම ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 18 ක් වැය වූ අතර, හමුදාපති අරමුදලින් සහ බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන අරමුදලින් ඒකාබද්ධව මෙම මුදල වැය කරන ලදී.

අනතුරුව යුද හමුදාපති විසින් නිලධාරී නිවස්න පරිශ්‍රයේ දී යුද හමුදා සාමාජිකයින් ඇමතු අතර, ඔවුන්ගේ සුබසාධනය පිළිබඳව විමසීම ද සිදු කෙරිනි.

තවද එහිදි යුද හමුදාපති විසින් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු සිදු කරන ලද භට පිරිස් සමඟ පිළිසඳරක යෙදුණු අතර, ඔවුන්ගේ සේවය ද අගය කළහ. එමෙන්ම යුද හමුදා සේවය තුළ විනය පවත්වාගැනීම පිළිබඳව ද අවධාරණය කළහ.

යුද හමුදාපති විසින් මෙම අවස්ථාව සිහිවනු වස් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තැබීම ද මෙහිදි සිදු කළහ.

අනතුරුව ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් නිලධාරී නිවස්නය අවට නිරික්ෂණය කළ අතර, භට පිරිස් සමඟ සුහඳ කතාබහක ද නිරත විය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු සෙසු නිලයින් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

latest jordan Sneakers | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp