Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th January 2017 13:58:30 Hours

බටහිර ආරක්ෂක සේනා මුලස්ථා‍නයේ මනෝවිද්‍යාත්මක වැඩසටහන්

යුද හමුදා මනෝවිද්‍යාත්මක අධ්‍යක්ෂක මණ්ඩලය විසින් නීති විරෝධී සමාජ ක්‍රියාකාරකම් පිළිබද තවත් වැඩසටහනක් ජනවාරි මස 17 දින සිට 19 දින දක්වා බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ දි පවත්වන ලදි.

මෙම දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවේ දෙවන අදියර බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත බලසේනා හා ඒකකයන්හි සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයන් වෙනුවෙන් පවත්වන ලදි.

9 වන ගැමුණු හේවා බලකා මුලස්ථානයේ පැවති වැඩමුළුව සදහා නිලධාරින් 04 දෙනෙකු, සෙසුනිලයින් 140 දෙනෙකු ඇතුලු යුද හමුදා සාමාජිකයන් 144 දෙනෙකු සහභාගි වු අතර, 581 බලසේනාවේ පැවති වැඩමුළුව සදහා නිලධාරින් 10 දෙනෙකු හා සෙසුනිලයන් 236 කු ඇතුළු යුද හමුදා සමාජිකයන් 246 දෙනෙකු සහභාගි වුහ.

එමෙන්ම 4 වන ස්වේච්ඡා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ පැවති වැඩමුළුව සදහා නිලධාරින් 05 දෙනෙකු හා සෙසුනිලයන් 175 දෙනෙකු ඇතුළු යුද හමුදා සමාජිකයන් 180 කු සහභාගි විය.

මෙම වැඩසටහන සදහා දේශණ දායකත්වය යුද හමුදා ‍මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් යුද හමුදා මානසික සෞඛ්‍ය ඒකකය, නිති සේවා අධ්‍යක්ෂ මණ්ඩලය, මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මගින් සිදුකරන ලදි.

නිතිසේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ මේජර් යු.පි මල්ලවආරච්චි, කපිතන් රේෂාන් උඩුවිලගේ, කපිතන් සුරංගි නානායක්කාර සහ කපිතන් දුලංජි සිරිවර්ධන දේශණ මෙහෙයවු අතර, මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ අමරනාත්තැන්න මහතා සහ අසිත ෆොන්සේකා මහතා දේශණ මෙහෙයවිය.

Nike air jordan Sneakers | Air Jordan