Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th November 2018 12:56:53 Hours

බංගලාදේශ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් අන්තර් ක්‍රියාකාරී සැසියක් සඳහා දිවයිනට පැමිණෙයි

බංගලාදේශ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් නව දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සමඟ අන්තර් ක්‍රියාකාරී සැසියක් පැවැත්වීම සඳහා ඉරිදා (11) දින දිවයිනට පැමිණියහ.

බංගලාදේශ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් කණ්ඩායමේ ප්‍රධාන නිලධාරින් දෙදෙනෙකු සඳුදා (12) දින යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවු අතර එහිදි දකුණු ආසියානු කලාපීය භූ-මූලෝපායික වැදගත්කම සහ දැනුම වැඩිදියුණු කිරීම සඳහා වැදගත්වන වැඩසටහන් පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ නව සංකල්පයකට අනුව, ආරක්‍ෂක අමාත්‍යංශයේ ආශීර්වාදය ඇතිව අසල්වාසි රටවල් සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙම අන්තර් ක්‍රියාකාරී සැසිය සංවිධානය කරනු ලැබීය.

බංගලාදේශ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් කණ්ඩායම ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලය තුල, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සමඟ අන්තර් ක්‍රියාකාරී සැසියක් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය. එමෙන්ම, අබේපුස්සේ පිහිටා ඇති ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානය, පල්ලේකැලේ පිහිටා ඇති 1 වන රයිෆල් බලකාය, මින්නේරිය කාලතුවක්කු හමුදා පුහුණු පාසල හා පාබල පුහුණු පාසල, දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය, දියතාලාව ප්‍රඟුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල්හි සංචාරය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන අනෙකුත් අන්තර් ක්‍රියාකාරී සැසියන් සඳහා සහභාගිවීමට නියමිතය. Best Authentic Sneakers | Nike Shoes