Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2018 22:54:30 Hours

බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිතයින් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරින් 26 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ පිරිසක් අඟහරුවාදා (27) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ සිය කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහද හමුව සඳහා බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක (නාවික හමුදා) කපිතන් අබ්දුල්ලා අල්මැක්සස් (Captain Abdullah Al-Maksus), ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, තවත් ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු සහ යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි එක්ව සිටියහ.

මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රැදී සිටින දින දහයක කාලය තුලදී නාවික හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමුවීමට නියමිත අතර ලක්‍ෂමන් කදිරගාමන් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායන් පිලිබඳ අධ්‍යයන ආයතනය, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය, බංගලාදේශ මහා කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ ‍ඵෙතිහාසික, සංස්කෘතික සහ ආගමික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට ද නියමිතය.

මෙම සුහද හමුව අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් සහ බංගලාදේශ නියෝජිත පිරිසේ ප්‍රධානි අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවැති සුහද හමුවෙන් අනතුරුව, යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි විසින් යුද්ධ හමුදාවේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ බංගලාදේශ නියෝජිත පිරිස දැනුවත් කරනු ලැබීය.Best jordan Sneakers | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf