Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2018 14:04:54 Hours

පෝලන්ත නව ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

පෝලන්ත මහකොමසාරිස් කාර්යාලයේ, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාව සඳහා නව පත්වීම් ලබා ඇති ආරක්‍ෂක උපදේශක කර්නල් රේඩොසෝ අඟහරුවාදා (23) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

එහිදි, නව පෝලන්ත ආරක්ෂක උපදේශක හා යුද්ධ හමුදාධිපතිතුමා අතර පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවේදි දෙරට අතර සම්බන්ධතා පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ අතර, මෙම සුහද හමුව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් හා නව පෝලන්ත ආරක්ෂක උපදේශක අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.Sport media | Men’s shoes