Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th August 2018 14:52:10 Hours

පොල්ගහවෙල ප්‍රදේශයේ හදිසියේ ඇතිවූ සුළි සුළඟින් පීඩාවට පත් ජනතාවට යුද්ධ හමුදා සාමාජිකයින් සහන සලසයි

පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා අඟහරුවාදා (14) දින උදෑසන හමාගිය අධික සුළි සුළං තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සහ මාර්ගයන් හරහා කඩාවැටුණු ගස් ඉවත් කිරීමේ කටයුතු සඳහා 143 වන බලසේනාවේ සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 65 දෙනෙකු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව කටයුතු කරනු ලබයි.

ඇගල්ල, රත්මල්ගොඩ, ඉඹුල්ගොඩ, කැඹලිත්තැවල, කළුහෙන්ඩිවල, වදාව සහ අනෙකුත් ප්‍රදේශයන් හරහා හමාගිය හිදිසි සුළි සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 48 ක්, පාසලක් සහ රත්මල්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන 07 ක් හානියටපත්ව ඇති අතර ගස් කඩාවැටිම හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමනය ද ඇණහිට තිබුණි.

මේ පිළිබඳ සැලවු වහාම බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත 143 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.එම්.පී.ඩි. දිසානායක සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් පී.එම්.පී. කොස්තා ගේ අධීක්‍ෂණය යටතේ එම ප්‍රදේශයන්හී සහන කටයුතු සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 65 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවනු ලැබීය.

යුහුසුළුව ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා සාමාජිකයින් පැය කිහිපයක් තුල මාර්ගයන් හරහා කඩා වැටුණු ගස් කපා ඉවත් කරමින් ප්‍රදේශයේ ගමනාගමනය යථාතත්ත්වයට පත් කළහ. තවද එම ප්‍රදේශයන්හි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සමඟ සම්බන්ධීකරණයෙන් නිවාසවලට සිදුවී ඇති හානි පිළිබඳ සොයා බලා කටයුතු කළහ. Running sport media | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf