Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th October 2016 08:47:30 Hours

පොපි මල් දින සැමරුම ආරම්භ වේ

ලෝකය පුරා යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකිරීම උදෙසා පවත්වනු ලබන ලෝක පොපි මල් දින සැමරුම ආරම්භ කරමින් එහි ප්‍රධාන සංවිධාන කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය (19) දින සන්ධ්‍යාවේ එහි ආරම්භක පියවර වශයෙන් යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හට පළමු පොපි මල පැලදවීම සිදු කරන ලදී.

යුද හමුදාපති කාර්යාලයේ පැවති මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් රියර් අද්මිරාල් එස් සමරතුංග (විශ්‍රාමික) සමගින් මේජර් ජෙනරාල් වසන්ත පෙරේරා (විශ්‍රාමික) සහභාගි විය. කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි දිවි පිදූ රණවිරු අනුස්මාරකය ඉදිරිපිට නොවැම්බර් 08 දින මෙවර පොපි මල් දිනය සැමරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සැබදිව සියලු තොරතුරු යුද හමුදාපතිතුමා හට පොපි මල් පැලදවීමේ උත්සවය අවස්ථාවේ දී දැනුම් දෙනු ලැබීය.

‘In Flanders Field’ නැමති ප්‍රචලිත කවියට අනුව පොපි යන වචනය සැමරුම් දින සංකේතයක් ලෙස භාවිතා වූ අතර, ජනප්‍රවාදවලට අනුව පළවන ලෝක යුද සමයේ දී ෆ්ලෙන්ඩර්ස් හි පිහිටි යුද පිටිවල මෙම පොපි මල පීපී පැවති බව සඳහන් වේ. මෙහි ඇති දීප්තිමත් රත් පැහැය යුද්ධයේ දී රුධිරය වැගිරවීම සංකේතවත් කරයි.

jordan release date | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD