Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th November 2017 17:41:40 Hours

පොපි දින උත්සවයේ දී මියගිය රණවිරුවන්ට උත්තමාචාර

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන පොපි දින අනුස්මරණ උත්සවය අද (11) දින උදෑසන කොළඹ 07, විහාරමහා දේවි උද්‍යානයේ දී පැවැත්විණ.

පොපි අනුස්මරණ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පාර්ලිමේන්තු කථානායක ගරු කරු ජයසූරිය මැතිතුමා සහභාගි වූ අතර, සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් (විශ්‍රාමික) කේ.ඒ ඥාණවීර ඇතුලු සේවා මුක්ත භට සංගම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

පළමු හා දෙවන ලෝක යුද්ධයන්හිදි හා අනෙකුත් ක්‍රියාන්විත වලදී දිවිපිදු සියළුම රණවිරුවන් වෙනුවෙන් විනාඩි 1 ක නිශ්ශබ්දතාවයක් පවත්වා අනුස්මරණය කිරිමෙන් අනතුරුව සර්ව ආගමික වතාවත් ඉටුකරන ලදී.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි පාර්ලිමේන්තු කථානායක ගරු කරු ජයසූරිය මැතිතුමා ප්‍රමුඛව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, හිටපු ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, තානාපතිවරුන්, රජයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික සන්නද්ධ සේවා සාමාජිකයින් සහ මියගිය රණවිරුවන්ගේ ඥාතීන් ද පළමු හා දෙවන ලෝක යුද්ධවල දී මියගිය රණවිරුවන් ඇතුලු සියලුම රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර දක්වමින් ගෞරව පුද කළහ.

හමුදා සම්ප්‍රදායානුකූලව වැයූනු ත්‍රිවිධ හමුදා ට්‍රම්පට් නලා හඩත් (Reveille), ඉන් අනතුරුව හිරු නැඟ එන මොහොතේ දීත්, හිරු බැස යන මොහොතේ දීත් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වූ බියුගල් නලා හඩ (Last Post) වාදනයත් සමඟ පොපි මල් සංවත්සර උත්සවයේ සමාප්තිය සනිටුහන් වු අතර, විශ්‍රාමික සන්නද්ධ සේවා සාමාජිකයින්, සේවයේ නියුතු හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද එම අවස්ථාවට සහභාගි වූහ.

අද දින විහාරමහා දේවි උද්‍යානයේදී පවත්වනු ලබන පොපි මල් සංවත්සර උත්සව මාලාවේ ප්‍රධාන උත්සවයට ප්‍රථම පොපි පා ගමන සහ මහජනතාවට පොපි මල් පළදනාවන් පොපි සතිය තුල දී විකිණිම සිදුවූ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අතිගරු ජනාධිපතිතුමන් හමු වූ කෙටි උත්සවයක දී එතුමන්ට පොපි මල් පළදනාව පැළඳවීමෙන් සියලු පොපි සංවත්සර උත්සව කටයුතු ආරම්භ විය.

පොපි මල් සංවත්සර ජාතික අනුස්මරණ මෙහෙය සෑම වර්ෂයකදීම පළවන ලෝක යුද්ධය අවසන් වූ දිනය ලෙස සැලකෙන නොවැම්බර් මස 11 වන දිනට අසන්නම ඉරිදා දිනය, ඉන් පසුව ඇති වූ දෙවන ලෝක යුද්ධය නිමාවත් සමඟ සැමරුම් දිනය (Armistice Day) වශයෙන් නම් කර ලොව පුරා දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් අනුස්මරණය කරනු ලැබේ.

spy offers | Sneakers