Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th June 2018 15:15:15 Hours

පෙර පාසල් බළධාරීන්ගේ ආරාධනයෙන් අණදෙන නිලධාරිතුමන් සම්භාවනිය ආරාධිතයකු ලෙස වාර්ෂික ක්‍රීඩා උළෙලට සහභාගි වේ

වැල්වැටිතුරෛ තරුණ කම්බන්ස්ක්‍රීඩා සමාජයේ සභාපති මෙන්ම කලවානි පෙරපාසලේ ප්‍රධාන භාරකරුගේ ඉල්ලීමකට අනුව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 521 වන බලසේනාවට අයත් 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් යාපනය, වැල්වැටිතුරෛ කලවානි පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ක්‍රීඩා පිටිය සකස්කිරීමට සෙනසුරාදා (02) දින සහයෝගය ලබාදුන්හ.

යුද්ධ හමුදා භට පිරිස් කරන ලද සේවය අගයමින්, කලවානි පෙර පාසල් බලධාරීන් විසින් වර්ෂික ක්‍රීඩා උත්සවයේ සම්භාවනිය ආරාධිත අමුත්තා ලෙස අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ධම්මික ජයරත්න වෙත ආරාධනා කරන ලදි.

මෙහිදි පෙර පාසල් බලධාරීන් විසින් පාසලේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යුද්ධ හමුදාව දැක් වූ සහයෝගය අගය කරමින් සිය ප්‍රශංසාව පුද කළහ.

Running sport media | Nike News