Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th April 2016 17:27:32 Hours

පුහුණු දින වැඩසටහනක් මුලතිව් ආරක්ෂක සේනාවෙන්

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පීයූඑස් විතානගේ ගේ උපදෙස් මත බදාදා (20) දින පැවැත් වූ පුහුණු දිනයේ දී පුහුණු වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කිරීම මුලතිව් ආරක්ෂක සේනා ප්‍ර‍ධාන ශ්‍ර‍‍වණාගාරයේ දි සිදු කරන ලදි. මේ සඳහා මුලතිව් ආරක්ෂක සේනා බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි සහභාගි වූ අතර, 1 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ මේජර් පී.කේ. වාරුවාන්ගොඩගේ විසින් “ බලශක්ති හිඟතාවය නිසා ජාත්‍යන්තර ආරක්ෂාවට එල්ලවන ප්‍ර‍ධාන තර්ජන” මැයෙන් සහ 7 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ ලුතිතන් වි.ඩි. වන්නිආරච්චි විසින් “ගිනි පිළිබඳ දැනුවත් කිරිමේ” ඉදිරිපත් කිරීමක් ද සිදු කරන ලදී. තවද මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස, සේනාංක සහ බල සේනා නියෝජනය කරමින් නිලධාරිහු 50 දෙනෙක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.Authentic Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth