Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st January 2019 15:37:00 Hours

පුල්එලිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් සඳහා නව නිවසක් ඉදිකරයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ සංකල්පයකට අනුව බම්බලපිටිය රාජා ජුවලර්ස් පුද්ගලික සමාගම සමඟ සහයෝගීතාවයෙන් මැදව්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුල්එලිය ගම්මානයේ අඩු ආදායම්ලාභි පවුලක් වෙත නව නිවසක් ඉදිකරදීම කඩිනමින් සිදුකෙරෙමින් පවතී.

ඒ අනුව, 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමාර ජයපතිරණ ගේ අධීක්‍ෂණය යටතේ 213 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනෝජ් ලමාහේව ගේ මඟපෙන්වීම මත 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ආරම්භ කර ඇති මෙහි ඉදිකිරීම් කටයුතු උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට පෙර, අවසන් කිරීමට නියමිතය.

නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අඟහරුවාදා (15) දින සුභ මොහොතින් සිදු කෙරුණි. මෙම අඩු ආදායම්ලාභි පවුලේ ආර්ථික තත්ත්වය පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව රාජා ජුවලර්ස් පුද්ගලික සමාගමේ සභාපති / කළමණාකාර අධ්‍යක්‍ෂ අතුල එලියපුර මහතා විසින් මෙම මානුෂීය ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍යමය සහයෝගය ලබා දී ඇත.

මුල්ගල තැබීමේ උත්සවය සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් සේන වඩුගේ, 212 සහ 213 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, රාජා ජුවලර්ස් පුද්ගලික සමාගමේ නියෝජිතයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. latest jordan Sneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!