Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

පිහිනුම් තරගාවලියේ සමස්ථ ශුරතාවය යුද හමුදාවට

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සංවිධානය කළ 44 වැනි විවෘත මුහුදු සැතපුම් 2 පිහිනුම් තරඟාවලිය - 2017, ඉරිදා (12) දින පැවැත් වූ අතර, ඒ සඳහා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහභාගි වූහ.

අම්බලන්ගොඩ මුහුදු තිරයේ දී පැවති මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩා සමාජ 30 ක් සහ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 360 ක් තරඟ වැදුණහ.

එහිදි යුද හමුදා කණ්ඩායම සිය කුසලතා පෙන්නුම් කරමින් සමස්ථ තරගාවලියේ පිරිමි අංශයේ ශුරතාවය හිමිකර ගත් අතර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ.එම්.ඒ.එස්. අබේසිංහ මෙම තරඟාවලියේ තෙවන ස්ථානය හිමිකර ගන්නා ලදි.

jordan Sneakers | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival