Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

පැරා පිහිනුම් තරඟාවලියේ සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා පාබල හමුදාවට

අඛණ්ඩව 20 වැනි වරටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුව මගින් සංවිධානය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා පිහිනුම් තරඟාවලිය ජූලි මස 20 සහ 21 දිනයන්හි දී පනාගොඩ යුද්ධ හමුදා පිහිනුම් තටාකයේ දී පැවති අතර, තරඟාවලියේ සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායමට විසින් හිමි කරගත්හ.

මෙහිදි, ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම රන් පදක්කම් 21 ක් දිනා ගනිමින් තරඟාවලියේ ශුරතාවය හිමිකරගත් අතර, රන් පදක්කම් 17 ක් දිනාගත් ගජබා රෙජිමේන්තු කණ්ඩායමට එහි අනුශුරතාවය හිමිවිය.

කාණ්ඩ 4 ක් යටතේ පැවති මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු 6 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 100 කට අධික ප්‍රමාණයක් සහභාගි වු අතර, ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එම් කීත්සිරි සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.

affiliate link trace | UK Trainer News & Releases