Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st February 2018 22:23:20 Hours

පාසල් සිසුන්ට සහ සිවිල් වැසියන්ට පාසල් උපකරණ සහ පෝෂණමලු බෙදාදීමක්

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් ගල්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි පවුල්වල තෝරාගත් සිසුන් 42 ක් සහ ගැබිණි කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු අඩු ආදායම්ලාභි පවුල් 50 ක් සඳහා දිරිදීමනා සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ උත්සවයක් ඉරිදා (18) දින ගල්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ දී සංවිධානය කරන ලදී.

සමාජ සේවිකාවක් වන පුන්‍යා අබේකොන් මහත්මිය‍‍ගේ පූර්ණ දායකත්වය ඇතිව පාසල් බෑග්, අභ්‍යාස පොත්, ගණිතමය උපාංග, පෙල පොත්, පෑන් සහ පැන්සල් ඇතුළු පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කළහ.

මේ අතර, අඩු ආදායම්ලාභි පවුල් 41 සහ ගැබිණි මාතාවන් 9 දෙනෙකු සඳහා රුපියල් 2000/= ක් පමණ වටිනාකමින් යුත් පෝෂ්‍යදායි ආහාර, ධාන්‍ය වර්ග සහ ඇඳුම් යනාදී අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත පර්සල් තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 233 වන බලසෙ‍්නාවේ බලසේනාධිපති, සහනලාභීන් ඇතුළු ප්‍රදේශවාසින් රැසක් ද සහභාගි වූහ.

Nike Sneakers Store | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals